සියක් දේ සිතේ තිබුනද
සියක් වැඩ රාජකාරි තිබුනද
සියක් වියමන් කියවූවද
සියක් වතාවක් සිතා සිටියද
තවම ලියන්නට බැරිවුනු මගේ
සියවැනි පෝස්ටුව...
(මෙසේ ලියැවුනු වග..)
“ඉන්දියානු පුරාණෝක්තින්හි විහරව එක් කොටසකි. ඉන්දියානුවෝ කාලිදාසයන්ගේ කාලයේ සිට විරහව සමරති. ආදරය බිඳී ගිය විට එය දේව්දාස්,The great Gatsby වැනි විශිෂ්ඨ නිර්මාණයන්ට වස්තු බීජවෙයි.සාමාන්‍ය ජීවිතයේ ආදර ශෝකාන්තයන්ද බොහො ප්‍රේම වෘතාන්තයන්වලට පණ පොවයි.“විරහව පළමුවෙන්ම සාහිත්‍යට එක්කල භක්ති නම් දේවධර්ම පොතට අනුව විරහව යනු දෙවියන්ගේ ආදරයයි. එනිසා ආදරයට ලක්වන්නා නොදැක වුවද හුදෙක් විශ්වාසයෙන් පමණක් දෙවියන් හට ආදරය පැවතිය හැකිය. සමහර විට මනුෂ්‍ය සිතේ තමන් ආදරය කරන්නා අතහැරීමට ඇති නොහැකියාව මෙම සංකල්පය මත රඳාපවතින්නට ඉඩ තිබේ.
“ඒක පාර්ශවික ආදර කතාවක ඇති පරාජිත චරිත පාඨකයන් ලොලීන් අද්දවා ගන්නා සුළුයි. ඔබ අසා තියනවාද ඉතාම ලස්සන ගීතය වන්නේ දුක්බරම කතාව කියන ගීතය බව “
“එය තනිකම හුදකලාව ෆැන්ටසික් කරගත්තවුන්ගේ තවත් එක් ෆැන්ටසියක් පමණි. තමන්ගේ සුළුතර ජීවියේ සියළු ප්‍රශ්න අකාමකා මෙවන් ආදරයත් ජීවිතය ඉහල තැනකට ගෙන යාවි යැයි ඔවුහු විශ්වාස කරති. රියැලිටියට බිය වන්නන් නොදිනූ ආදරය මහමෙරක් කොට සලකති. එහෙත් සත්‍යය එයට වඩා බොහෝ දරුණුයි.“
“දිනූ ආදරය කෙතරම් බොළඳද? නීරසද? ටිකකට හිතන්න ලයිලා-මජ්නු විවාහ වුනොත් කොහොම වෙයිද කියලා? නොදිනූ ආදරය සදහටම පවතිනවා. එහි ආදරයේ ආශාව කවදාවත් වියැකී යන්නෑ.ආදරය බිඳීයන තරමටම එයට හිතේ ඇති රුචිය මනදොල සංසිදෙන්නේ නැහැ. විරහව කියන්නේ තිත්ත රසැති බීමක් වගේ. ආදරය විවාහයෙන් එකතුවීමෙන් සම්පුර්ණ වුනාම එහි සුරංගනා ගතිය නැතිවෙනවා.ඒ නිසා තමයි නොදිනූ ආදර පුරාවෘත්තවලට ලෝකයම ආදරය කරන්නේ.“කෙසේ වුවත් මෑත යථාර්තය ඉහත කියන ලද රොමෑන්ටික් සංකල්පයෙන් බැහැරව සාහසික ස්වරූපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පුවත් පත් රූපවාහිනි වැඩසටහන් ආදරයෙන් පැරදුන් ආදරවන්තයින්ගේ පිහි ඇණුම්, පීඩා කිරීම්, බිය වැද්දීම්, ඇසිඩ් ගැසීම්,සියදිවි නසාගැනීම්, මිනීමැරුම් වලින් පිරී ඇත. මේ සියල්ල ආදරයේ නාමයෙන් ඇතිවන වෛරය, ආදරය නැතිවේ යැයි ඇතිවන බිය හෝ ලැජ්ජාව නිසා සිදුවන දේවල්ය.
“පුද්ගලයන් විසිදෙනෙකු ගත් කල විරහව අත්දැක නොමැත්තන් ඇත්තේ එක් අයෙකු පමණි.“පොත්වල පිටු අතර හෝ සිනමාවේ තිරය මත විරහව රොමෑන්ටික වන තරමටම සැබෑ ජීවිතය තුල විරහය ප්‍රචන්ඩ වේ. මෙසේ පවසන්නේ විසි හතර හැවිදිරි ඌරජ් කුමාර්ය.
“අවුරුදු 13දී මම ආදරය කල ගෑනු ළමයා මාව දාලා ගියා. මට පිස්සු හැදුන්නැති එක විතරයි. මම එයාගේ පස්සෙන් ගියා ඇවිටිලි කලා එයාගේ ෆේස්බුක් ගිණුම හැක් කලා, තර්ජනය කරලා ඇමතුම් දුන්නා. අන්තිමට මටම තේරුනා මට පිස්සු හැදීගෙන එනවා කියලා. මගේ යෙහෙළියන් බොහොමයක් එයාලා පිරිමි ළමුන් අතින් ප්‍රතික්ෂේප වුනාම සියදිවි නසාගන්නවා කියලා තර්ජනය කරලා තියනවා. මට දකින විදිහට දැන් කාලේ කවුරුත් බැහැ කියන දේ අහන්න කැමති නෑ.“වෛද්‍ය කනිකා කන්දෙවාල්, දිල්ලියේ ශ්‍රී රාම් කාන්තා විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය වරිය මෙයට හේතු මෙසේ සඳහන් කරන්නීය.
“ආදරයේ බිඳ වැටීම් ලොකු වුවත් පොඩි වුවත් මේ පරම්පරාවේ බොහොමයකට එය දරාගන්න බැහැ. එයට හේතු වී ඇත්තේ ඔවුන් හැදී වැඩෙන කාලය තුල එවන් අවස්ථා ඉතා අඩුවීමයි.“Can Love Happen Twice පොතේ කතෘ රවීන්ද්‍ර සිං මෙසේ කියයි.
“දැන් ඇත්තේ දුටු ගමන් ඇතිවුනු ආදරයකට වඩා දුටු ගමන් ඇතිවුනු කැමැත්තක්. එදා තිබූ තරුණ ආදරය වෙනුවට දැන් ඇත්තේ එක් මවුස් ක්ලිකයකින් ඇතිවුනු ආදරයක්. දැන් ආදරය ඇතිවීමට දෙදෙනා හැබැහින් දකින්නටම උවමනා නැහැ. ප්‍රේමය හුදෙක් මවුස් ක්ලිකයක් තරම් පහසුයි ලේසියි.“එසේ ඇතිවන සෝඩා බෝතල් ආදරය මවුස් ක්ලිකයකින් පමණක් එකිනෙකා අතර හුවමාරු නොවද්දී ප්‍රතික්ෂේපය යනු ලෝකය කඩා වැටීමක් වනු වලක්වන්නට බැරිය.
වයසට යාම අනිවාර්ය වුනත් වැඩිහිටියෙකු වීම ඔබගේ මනාපයට තෝරාගතහැකි දෙයක්..............
“ ළමයි සැර පරුෂ පුද්ගලයෝ නොවෙති. ඔවුන් තමන් දන්නා වැඩිහිටියන් මත යැපෙති. එම වැඩිහිටියෝ එම ළමුන්ගේ යහ පැවැත්මට බලපාන දහමකුත් එකක් තීරණ ඔවුන් වෙනුවෙන් ගනිති. ජාතියේ බාල පරපුර හැදී වැඩෙන්නේ පවුල් සංකල්පය අගය කරන සමාජයකද නැතද යන්න තීරණය කිරීමේ වගකීම එවැනි වැඩිහිටියන් ලෙස අප භාරගත යුතුය.”
“චෙල්සා වික්ටෝරියා ක්ලින්ටන් පළමු වරට මා තුරුළට ගනිද්දි ඈ ගැන දැනුනු ආදරයෙන් හා වගකීමෙන් මා ඉපිල ගියෙමි. මා තුරුලේ ඈ නිදද්දී මට දැනුනු ඒ විස්මිත හැඟීම මා කියවූ එකදු පොතකින් මා අධ්‍යනය කල ළමුන්ගෙන් හෝ උසාවිය ඉදිරිපිට මා විසින් නියෝජනය කල එකදු ළමයකුගෙන් හෝ මට ලැබී තිබුනු අත්දැකීම් හා සමකල නොහැකි විය. ”
![]() |
| ක්ලින්ටන් පවුල |
“අප ළමුන් ගැන උගන්වන පන්තියකට යා යුතුයැයි මා බිල්ට යෝජනා කලේ මා ගැබ්ගත් දිනවල සිටමය. ඔහු හා පළමු වතාවට පියවරු වන්නට සැරසෙන්නන් නිහඬව පුටුවල වාඩි වී සිටියෝය. සියල්ලන්ගේම අත් ඉදිරිපසින් බැඳගෙන සිටියේ තමන් සිටින්නේ වෙනත් ලොවක යන හැඟීමෙනි. අපේ උපදේශකවරයා මෙසේ ඇසීය. දැන් මෙතන බබාලා නාවලා කරලා නැපි මාරු කරපු කී දෙනෙක් ඉන්නවද? අඩුම ගනනේ පොඩ්ඩෙක්ව වඩාගෙන වත් තියන උන්නැහේලා කවුද? මුනු මුනු ගාමින් අත් එකක් දෙකක් එසැවිනි. ඉන්පසු හෙතෙම මෙසේ ඇසුවේය. පොඩ්ඩෙක්ගේ වගකීම ගැන හිතලා තමුන්ලා කී දෙනෙක්ගේ හොඳ පණ ගිහින් තියනවද? බකස් ගා එළියට පැන්න සිනහව සමගින් අත් සියල්ලම ඉහලට එසවිනි.”සමාජයේ ජීවත් වන්නන් ලෙස අපේ වගකීම නැවත නැවතත් කන් අද්දර නින්නාද දෙන්නට සමත් වූ ඇගේ පොත කියවිය යුතු ලිස්ටුවට එකතු කරගන්නට වටිනේය. හතර වරිගයාටම පිරිනැමෙන පොතේ පිදුම උපුටා දක්වමින් පෝස්ටුව අවසන් කරමි.