Wednesday, April 10, 2013

මුහුදු ලිහිණියා සහ මීයා..


     කළු මුහුදු වෙරළ උඩින් පියාසර කරමින් සිටි මුහුදු ලිහිණියෙක් වෙරළේ සිටි මීයකු දුටුවේය. මීයා දැකීමෙන් පුදුමයට පත් හනිකට අහසින් බිමට පාත්වී මීයාගෙන් මෙසේ ඇසුවේය.
“කෝ තමුසෙගේ පිහාටු?“
     එකම භාෂාව කතා නොකල බැවින් මීයාට මුහුදු ලිහිණියා කී කිසිදෙයක් තේරුනේ නැත. එහෙත් තමන් ඉදිරියේ සිටිනා මේ අපූරු සතා දෙස ඌ විස්මිත දෑසින් බලා මෙසේ තමාටම කොඳුරාගත්තේය.
“පව්. මූට මොකක් හරි ලෙඩක් වෙන්න ඕන. බලන්නකො උගේ ඇඟෙන් කැත ලොකු කෑලි දෙකක් එල්ලෙන හැටි.“
    තමන්ගේ පිහාටු දෙක දුකෙන් බලා සිටිමින් නිශ්ශබ්ද මීයා දුටු මුහුදු ලිහිණියාගේ හිත අනුකම්පාවෙන් පිරි ගියේය.
“පව්. අසරණයා. මොකෙක් හරි මුගේ පිහාටු පැහැරගෙන ඌව බීරි කරලත් ගිහින් වගේ.“
    මීයාගේ යහපත සිතූ මුහුදු ලිහිණියා තම තුඩින් මීයා රැගෙන අහසේ චාරිකාවක් රැගෙන ගියේය.
“අඩුම ගානේ ඌට පාළුව හරි මගෑරෙයිනේ. පව්. පරණ මතකයේ පොඩ්ඩක් හරි ඉන්න පුළුවන් වේවිනේ. 
    අහසේ තැනින් තැන මීයාව රැගෙන යද්දී ලිහිණියා සිතුවේය. සුව පරිස්සමෙන් මීයාව සිටි තැනම තබා ලිහිණියා පියාඹා ගියේය.
   මාස කිහිපයක් තිස්සේ මීයා ජීවත් වූයේ අසතුටිනි. ඉතා ඉහලින් පියාසර කැරමින් ලෝකයේ විශාල බව හා ලස්සන දුටු මීයා තමන් දැන් ගතකරන ජීවිතය ගැන දුක් වුනේය.
   කාලය ගතවත්ම ඌ තමන් මීයෙක්ම පමණක් බව වටහා ගත්තේ ඒ මී බවට හුරුවිය. තමන් අහස් ගමන නැමැති හාස්කම සිහිනෙන් දුටු මුදු සුවඳක් පමණ ලෙස උගේ සිතේ තැන්පත් විය.


උපුටාගැන්ම: http://paulocoelhoblog.com/2013/04/10/the-seagull-and-the-mouse/
පින්තූරු අනුග්‍රහය: http://pedantia.deviantart.com/art/Mouse-and-seagull-141808893
 
  

Wednesday, April 3, 2013

ගණන්කාරයින් කොහිද?...මෙහි එන්න...!!


http://read.bi/14pv3cB

රූ සටහන:
කරකවලා අතෑරපු ප්‍රශ්න 12ක්..ගණන් කාරයන්ට නම් තේරේවි!!