Showing posts with label දිනපොතෙන්... Show all posts
Showing posts with label දිනපොතෙන්... Show all posts

Tuesday, May 15, 2012

දිනපොතෙන් 5: තත්පර විස්සක් ජීවිතය ගැන..

           තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර මිනිසෙක් තමන්ගේ දරුවන් ළඟට කැඳවා මෙසේ කීවේය.
“මරණය ඊළඟ ලෝකයට යෑමට ඇති එකම මාර්ගයයි. මම මැරෙද්දී අනිත් අයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න සළකුණක් එවන්නම්. මම මැරුණාම ආදාහනය කරලා අළු ටික මගේ ආසම සංගීතය වාදනය කරන ගමන් ගඟේ පා කරලා හරින්න. “
            ඊට දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ මිනිය ආදාහනය කොට අළු බඳුනත්, සංගීත පටයත්, කැසට් රෙකෝඩරයත් රැගෙන ඔහුගේ දරුවන් ගං වෙරළට ගියහ. අළු බඳුන ඇරීමට කොපමණ තැත් කලත් එහි මූඩිය කිසිවෙකුට විවෘත කල නොහැකි විය. දරුවන් අසරණව වට පිට බලද්දී ගං ඉවුරේ ඇවිදමින් සිටි සිඟන්නෙක් ඔවුන් වෙත පැමිණියේය.
“මොනවහරි ප්‍රශ්නයක්ද?“
“අපි පියාගේ අළු ගඟේ පා කරන්න ආවේ. ඒත් මේ පියන අරින්න බෑ.“ දරුවන් අළුබඳුන දක්වමින් පැවසූහ.
ඔහු හොඳ මිනිසකු විය යුතුයි. මට මේක දැන් ලැබුනේ.
අත තිබුනු ස්කුරුප්පු නියන දක්වමින් සිඟන්නා කීවේය.


උපුටාගැනීම: http://paulocoelhoblog.com/2011/07/06/the-screwdriver/


      අප අතරින් වෙන්ව ගිය ඔබ්සර්වර් බ්ලොග් සහෘදයාට මේ සටහන උපහාරයක් වේවා.!

Wednesday, February 29, 2012

දිනපොතෙන් 4: අවසරයි වෙන්ව යන්නට

http://www.sodahead.com/


ඉතිං අවසරද 
මගෙ ලබැඳි මිතුරියේ
ඔබෙන් වෙන්ව යන්නට

මා ඔබට පෙම් කළත් 
තවම මා දන්නෑ
ඔබ
මට පෙම් කළාදැයි

Sunday, February 5, 2012

දිනපොතෙන් 3: සඳ සිසිල

මේ විසල් අහසට
එක සඳයි-තරු අහුරයි
නුඹ ලොවට
සඳ පායා ඇවිත් ඉවරයි
මම දන්නවා 
මට බැහැ 
නුඹ ලොවට සඳක් වන්නට

Friday, January 13, 2012

දිනපොතෙන් 2: කතා බස්

මම පොඩි කාලෙ ඉදන්ම රේඩියෝ අහන්න ආසයි. ළගම නෑයෙක් නොවුනත් මම සිරස රේඩියෝ එක පටන් ගත්ත කාලෙ ඉදන්ම අහනවා. 
හොඳ නරක ගැන විචාරය නොකරත් සින්දු කතා වලට වැඩිය වෙළඳ දැන්වීම් ගියත් අදත් මීටරේ කැරකෙන්නෙ සිරස රේඩියෝ එකට. 
මේ කතා දෙක වගේ ඒවා දැන් නම් රේඩියෝ එකෙන් ඇහෙයි කියල බලාපොරොත්තු වෙන්න බැරි වුනත් එකිනෙකට කොහොමත් සම්බන්ධයක් නැතත් මගේ දිනපොතේ ලියල තියන මේ කතාවලට මම ආසයි.

Saturday, September 24, 2011

දිනපොතෙන් 1: වෙනස් වෙන වචන අරුත්

මේ පෝස්ටුවත් හොයා ගත්තෙ ටික කාලයකට කලික් මම කියවපු පත්තර කෑල්ලකින්.  සීනි ඔතන, බනිස් ගේන පත්තර කෑලිවල තියන ලස්සන දේවල් කියවන එක මගේ පොඩි කාලෙ ඉඳලම තියන පුරුද්දක්. සමහර වෙලාවට ඒවා මගේ පරණ ඩයරියෙ ලියලා තියනවා. මේ එහෙම ලියල තිබුන එකක්. 


මහත්මයා : බසයෙන් බසින විට තම අසුන කාන්තාවකට පිළිගන්නා
                  (දැන් නම් මහත්මයෙක් වෙන්න ෂර්ට් ජාතියක් අඳින්න ඕනිනේ)


විවාහය : එක් අයකුට වැඩි වාසි සහ බලතල පැවරෙන ලෙස දෙදෙනෙකු අරඹන සංගමය


ප්‍රසිද්ධ දේශකයා :එක තැනක රැස්වෙන පිරිසකට නිදිමත ඇතිවන අන්දමේ කථාවක් පැවැත්වීමට රැය පුරා නිදිමරා කරුණු රැස් කරන්නා

මුදල් : විශ්වාස නොකල යුතු එහෙත් විශ්වාස තැනක තැන්පත් කල යුතු දෙයකි

දුම්රිය : තම පසුපසින් හඹා එන විට ඉවතට පැන බේරිය හැක්කේ දුම්රියෙන් පමණි

විභාග ශාලාව : සිසුන් මොළය වෙහෙසනවාට වඩා අත වෙහෙසන ස්ථානය

සම්මන්ත්‍රනය : සුළු දේවල් බරපතල දේවල් කර බරපතල දේ තේරුම් ගැනීමට අපහසු දේවල් බවට පත්කරන ස්ථානය

ඈණුම : ගුරුවරුන්ගේ හෝ කථිකයන්ගේ කථාව කෙටි කිරීමට කාලය යැයි කියා පෑ හැකි ඉඟිය