Showing posts with label සිනෙ රූ. Show all posts
Showing posts with label සිනෙ රූ. Show all posts

Saturday, January 26, 2013

සිනෙ රූ: ලොව නිහඬවද්දී තනිව නැගිටින්න..




අවාසනාවන්ත ලෙස සැමියා අහිමිව ගිය වැන්දඹුවක්.

බිළින්දෙක් කුස තුල හොවා ගත් ගැබිනි මවක්
තම දැනුම අවියක් කොට ගත් මෘදුකාංග ඉංජිනේරුවරියක්
ති පොතෙන් පිළීසරණක් නොලැබ අසරණව ගිය පුරවැසියෙක්
නීතිය සියතට ගන්නට නොව 

එරෙහිව තනිව හෝ නැගී සිටින්නට වෙර දරන කාන්තාවක්....

Sunday, August 5, 2012

සිනෙ රූ: ගේෂාවක්ගේ මතක පොත..Memoirs of a Geisha


මගේ ලෝකය අසම්මතයි. දුර්වලයි. එහි පැවැත්ම රඳා පවතින්නේ එහි ඇති අභිරහස් බව නිසා. මගේ ඉපදුනේ ගේෂාවක වීමට නොවුන මුත් ජීවිතේ එක් තැනකදී  මගේ ඉරණම මාව ගේෂාවක බවට පත් කරනවා. 
මගේ ජීවිතේ අනිත් හැමදේම වගේ මෙයත් තීරණය වූයේ ගසා ගෙන යන රැල්ලෙන්. මගේ අක්කා අරටුවක්  වැනි යැයි මගේ අම්මා නිතරම කියනවා මට ඇසී තිබුනා. සකුරා ගසක් පොළවට සවි වී තියෙන්නාක් මෙන්න ඇය පොළවටම ආදරය කරාවි යැයි ඇය පැහැදිලි කලා මට මතකයි.

අම්මා මාව දුටුවේ දිය දහරක් ලෙස. ගල්පර බාධක හැල හැප්පිලි මැදින් තමන්ගේ පාර සොයාගෙන යන දිය පහරක් ලෙස. බාධයක සිරවූ විට දිය දහර වෙනස් මාවතක් හොයා ගන්නවා. මම ඒ වගේ. 

**********

       ලස්සනට ඉර පායා ඇති දවසක දුඹුරු පාට අවුරුදු නමයක් විතර තරමේ ගෑනු ළමයෙක් දිය පහරක් දිහා බලාන හිටියා. ඉර අව්ව වැටිලා දිලිසෙන දිය පාර දිගටම ගලාගෙන යනවා ඇය බලාන හිටියෙ දියපාර හරහා යන්න හදපු පොඩි ලී පාලම වාරු වෙලා. ගේෂාවකගේ දාසිය වෙලා ගත කරන දවසේ හදිසියේ හම්බවුනු ඉසඹුවක් ඈ, චියෝ චාන් මෙතනට ගෙනැවිත් තිබුනා. කාත් කවුරුත් නැති මේ ජීවිතේ අරුත මොකද්ද කියලා හිතමින් නොනැවතී ගලන දිය පාර දිහා බලන් උන්නු ඇයට නොදැනිම කඳුලක් ඇසින් ගලා හැලුනා.

      පොඩි පාලම උඩින් ඒ දිය පහර හරහා එහා මෙහා ගිය හැමෝම වගේ ඇගේ සිතුවිලි දකින්නට උන්නදු වුනේ නෑ. ඒත්

“දුකින් ඉන්න බැහැයි කියලා හිතෙන තරමටම අද ලස්සන දවසක් නේද?. ඇයි අඬන්නෙ? ඔයා වැටුනද?“ 
කරුණාවන්ත ඇස් දෙකක් එහෙම ඇහුවම චියෝ චාන් ගැස්සිලා බැලුවා. ඒත් ඒ එක්කම ඈ ආපහු බිම බලාගත්තෙ අකැප වස්තුවක් දිහා බැලුවා වගේ.
“ඇයි ඔච්චර ලැජ්ජාවෙන්නේ. බිම බලාගන්න දෙයක් නෑනේ.“ කරුණාවන්ත ඇස් දෙක ආයෙත් කිව්වා.
“අපි හැමෝටම අමාරු කාල තියනවා. අර බලන්න අර කොල පාටට දිලිසෙන කිමෝනාවක් ඇඳන් ඉන්න ලස්සන  නෝනව පේනවා නේද?“ කරුණාවන්ත ඇස් දෙක එයා එක්ක ආව ලස්සන කාන්තාවන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට අත දික්කරලා පෙන්නුවා.
“ඈ කාලයක්  ගේෂාවකගේ දාසියක් විදිහට වැඩ කලා. දවසක් ඈ ඇගේ ලී සපත්තු පෙරළිලා බිම වැටුනා“ කරුණාවන්ත ඇස් දෙක හිනාවෙමින් ආපහු කිව්වා.
“ඔව්. ඇත්ත. මම කාලයක් එහෙම හිටියා. “ කොළ පාට කිමෝනෝව ඇඳගත්ත ලස්සන කාන්තාව කිව්වා.
“බලන්නකෝ ඈ දිහා දැන්. කොච්චර කදිම කාන්තාවක්ද කියලා. ඈ දැන් ගේෂාවක්“ කරුණාවන්ත ඇස් දෙක චියෝ චාන්ගේ ඇස් දෙක බලාන කිව්වා.
“ඔයාගෙ නම මොකද්ද? ඔච්චර බයවෙන්න එපා මා දිහා බලන්න“ කරුණාවන්ත ඇස් දෙක ඇහුවා. අම්මගෙන් පස්සෙ ඇහුන කරුණාවන්තම වචන ඉස්සරහා චියෝ චාන් ගොළුවුනා.
“ඔයා කැමති මිදිරස අයිස්වලටද චෙරි රස අයිස් වලටද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ ළඟ හිටිය අයිස් වෙළෙන්දා දිහා බලමින්.
“කන්නද?“ චියෝ ඇහුවෙ සැකයෙන්.
“ඔව් වෙන මොනවටද මම නම් කැමති  මිදි රස අයිස් වලට. එන්න යමු .“
“අපි බලාපොරාත්තුවෙන තරමේ කරුණාවක් අපි හැමෝටම ලැබෙන්නෑ දරුවෝ. මගේ ළමයි හැම ගිම්හාන නිවාඩුවේම මේ අයිස් කන්න බලාන ඉන්නෙ.“ කරුණාවන්ත ඇස්දෙක දිගටෝම කියාගෙන ගියා. ඊට පස්සෙ අයිස් වෙළෙන්දාගෙන් මිදි රස හා චෙරි රස අයිස් පලම් දෙකක් ඉල්ලුවා. රතු පාට චෙරි යුෂෙන් රස ගන්වපු එක අයිස් පලමක් චියෝ චාන්ට දුන් කරුණාවන්ත ඇස් දෙක අනිත් අයිස් පලම කන්න පටන් ගත්තා. 
කරුණාවන්ත ඇස් දෙක කලින් පෙන්නපු කාන්තාවන් දෙදෙනා  ඈත ඉඳන් හිනා වෙවී හිටියා. 
හදිසියේම යමක් මතක් වුනු චියෝ චාන් අයිස් පලමේ රතු පාට තමන්ගේ තොල් දෙකේ තවරගෙන පළමු වතාවට තමන්ගේ සුපුරුදු හඬ අවදි කලා. 
“ම්..දැන් මමත් ගේෂාවක්. බලන්න“
“ඕ...ඔව් ඇත්තටම“ කරුණාවන්ත ඇස්දෙක හයියෙන් හිනා වුනා. 
“ඔච්චර ලස්සන ඇස්දෙකක් ඔයාට කවුද දුන්නෙ“ කරුණාවන්ත ඇස්දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ   හිනාවෙන ඇස් දිහා බලලා.
“මගේ අම්මා තමයි මට ඒවා තෑගි දුන්නෙ.“ චියෝ චාන් කිව්වෙ ඒ වයසෙ ඉන්න හැම දරුවෙකුගෙම තියන දඟකාර හඬින්. චෙරි රස අයිස් පලම් ඇගේ දුක්බර සිතුවිලි ඈතට පා කරවමින් උන්නා.
“ඔයාගෙ අම්මා හරිම හොඳයි වගේ. එහෙම නේද? “
“හරියට ඔයා වගේ“ චියෝ චාන් කිව්වෙ ඒ කරුණාවන්ත ඇස් දෙක දිහා කෙලින් බලලා. 
“මං වෙනුවෙන්  එක සැරයක් හිනාවෙන්න පුළුවන්ද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ තොල්දෙකින් ගිලිහුනු තිබුන රතුපාට අයිස් පලමේ යුෂ අයින් කරමින්.
චියෝ චාන් තමන්ට පුළුවන් හොඳම හිනා මූණ පැළඳගෙන හිනා වුනා.
“ආන්න මේ ලස්සන හිනාව තමා ඔයාගෙන් මට ලැබෙන තෑග්ග.“
වෙළෙන්දා දුන්න ඉතුරු සල්ලි ටික තමන්ගෙ ලේන්සුවෙන් ඔතලා චියෝ චාන්ගෙ අතට දුන්න කරුණාවන්ත ඇස්දෙක මෙහෙම කිව්වා.
“මීට පස්සෙ කරදර කොච්චර ආවත් ඔයා දුකින් ඉන්න එපා. මේ තෑග්ග හැමදාම මතක තියා ගන්න“

*******
Remember Chiyo, Geisha are not
courtesans, and we're not wives.
We sell our skills, not our bodies.
We create another secret
world, a place only of beauty.
The very word Geisha means
artist, and to be a Geisha …
… is to be judged as
a moving work of art.
Agony and beauty, for
us, live side by side.
Your feet will suffer,
your fingers will bleed.
Even sitting and
sleeping will be painful.
You cannot call yourself a true Geisha until you
can stop a man in his tracks with a single look.
-Mameha
********
කරුණාවන්ත එක වචනයකට කොච්චර දුර යන්න පුළුවන්ද? අවුරුද්දක් දෙකක්, දහයක් නැත්නම් මුළු ජීවිත කාලයම බලාපොරොත්තුවේ සිසිලසින් පුරවන දුරක්...චියෝ චාන් හා කරුණාවන්ත ඇස්දෙක දිහා රිදී තිරයෙන් බලන් සිටි මට සිතුනා.
********

රූගේ පසු සටහන:
ආතර් ගොල්ඩන්ගේ පොතක් ඇසුරින් රොබ් මාෂල් 2005 අධ්‍යක්ෂනය කල "Memoirs of a Geisha" චිත්‍රපටය ඇකඩමි සම්මාන හයකට නිර්දේශ වූ අතර තුනක් දිනාගනු ලැබුවා. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Amblin Entertainment නිශ්පාදනය කල මෙම චිත්‍රපටිය ජපානයේ හා කැනඩාවේදී රූ ගත කරන ලද්දක්. 

Thursday, May 31, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 4

පහන්දිගේ දිනපොතේ පරණ පිටු
සෙනුක් ගේ දිනපොතේ පරණ පිටු

අද විසි හත් වෙනිදා
       ඊයෙ වෙච්ච සිද්ධිය තාමත් කාටවත් අමතක වෙලා නෑ වගේ. මුළු ඉස්කෝලෙම කතා වෙන්නේ ඒ ගැන. ඒ කෙල්ල යන හැම තැනම කට්ටිය හිනාවෙනවා මම බලාගෙන. එක අතකට පව් කියලත් හිතෙනවා. ඒත් ඒ ළමයා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ. මේ වගේ දේවල්වලින් වෙන්නෙ මගේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන එක. ඒක නම් හරිම එපා කරපු දෙයක්. 
       අද හවස අපේ අම්මා කාමරේට ඇවිත් නිවේදනයක් නිකුත් කලා. හෙට ඉඳන් මල්ලි මගේ කාමරේට එනවලු. හෙට ඉඳන් අපේ ගෙදරට අමුත්තො දෙන්නෙක් පදිංචි වෙන්න එනවලු. මල්ලිගේ කාමරේ කාමරේට ඒ යාළුවගෙ දුවට දෙන්න වෙනවලු. මේක නම් හරිම අසාධාරණයි. අපිටත් ඉන්න ඉඩ නැතුව ඉන්න එකේ අම්මලා මේ තීරණේ ගන්න කලින් අහන්න තිවුනා. අපේ අම්මගේ මේ හිතුවක්කාර තීරණ නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් එයා තමයි හරි.  

Tuesday, May 29, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 3

සෙනුක්ගේ දිනපොත
අද විසිපස් වෙනිදා
        මේ දවස්වල ඉස්කෝලෙ ඉන්න ළමයින්ට පිස්සු හැදිලා වගේ. වයසෙ වැරැද්ද! පිස්සුවෙන් වගේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා කෝලම් කරනවා එක විකාරයි. මේ වයසෙ අය මෙහෙම හැසිරෙනවා කියලා සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තිවුනා එයාගෙ ප්‍රධාන සොයාගැනීම් වලදි. එක එක ජීවින්ගේ පැවැත්ම ගැන ලියවුනු පොත් ටිකක් ආපහු හොයාගෙන කියවන්න ඕන. අපේ පුස්තකාලෙ තියන පොත් ගොඩක් මම දැනටමත් කියවලා තියන නිසා ඒ පොත් ගැන හොයන්න තැනක් බලන්නත් ඕන. මේ ඔක්කොම අටමගල් අද ලියන්න වුනේ පුංචි සිද්ධියක් නිසා.

Sunday, May 27, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 2

දින ෙපාතේ පරණ පිටු..
අද විසි තුන්වෙනිදා
       මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවමින් හීන ලෝකෙ.
       සෙනුක් ගැන කොච්චර හිතුවත් ඉවර වෙන්නෙ නෑ. ඒත් සෙනුක් මම මේ ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒකෙන් මට මාවම එපා වෙලයි තිවුනෙ.
“ඔය දැන් ඔයාගෙ ආදරේ සෙනුක්ට කියන්න ඕන.“ සෝනු කිව්වෙ මගේ දුක්බර මූණ දැකලා.
“ආදරේ කියන්න..හ්ම්..“.මම උත්තර දුන්නෙ එච්චර විශ්වාසෙකින් නෙවි.

Friday, May 25, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 1

පහන්දිගේ දිනපොත

අද විසි දෙවනිදා.

            “ඒ පරිසරය දෙව්ලොවක් තරමට ලස්සනයි. ගස්වැල් එකිනෙකාට හිනාවෙනවා වගේයි පෙනුනෙ. ඒ ගස් අතරෙ බිම තිවුන පඳුරක ලස්සන ලා දම් පාට මල් පොකුරක් පිපිලා තිවුනා. එක පාරටම ඒ දම් පාට මල් පොකුර ළඟට රෝස පාට මුහුණක් පාත් වුනා. හීනියට මල් පොකුර සිපගන්න කොට ඒ ලස්සන ඇස්දෙක පියවුනා මම දැක්කා. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙන් බාගයක් නළල වසාගෙන තිවුනෙ.  ඒ උස සුදු කඩවසම් පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි මගේ සිහින කුමාරයා සෙනුක් කියලා දැනගත්තම මට දැනුනෙ ඉවසිල්ලක් නැති සතුටක්. මම හිටියෙ ඒ ලස්සන වනාන්තරයේ උසම උස ගහක් යට.

Friday, March 23, 2012

සිනෙ රූ: ලූනු කපද්දි කඳුළු එන්නෙ ඇයි?

ටීටා හා පේඩ්රෝ

මෙක්සිකෝවෙ ඈත ගමක ජීවත් වුනු ටීටා ළූණු කපද්දි ඇස්වලින් කඳුළු කැට කඩා වැටුනේ....
  • දුටුව ගමන් ආදරයෙන් බැඳුනු (love at first sight) පේඩ්රෝ තමන්ගේ එකම සොයුරිය හා විවාහ වුනු නිසාද?
  • පවුලේ බාල දරුවා විවාහ නොවී අම්මාව බලාගෙන සිටිය යුතු යැයි කියන අසාධාරණ පවුල් සම්ප්‍රදාය නිසාද?

Sunday, February 26, 2012

හිත ඇත්නම් පත කුඩාද?..Erin Brockovich

සිත සවි එරින්
                එරින් බොකොවිච් කියන්නෙ විධිමත් නීති අධ්‍යාපනයක් නොලැබුවත් තමන්ගෙ හිතේ ධෛර්යය නිසා පරිසරය විනාශ කරපු බහුජාතික යෝධයෙකුට අභියෝග කරපු නීති ලිපිකාරිනියක්එරින්ව මට මුණ ගැහෙන්නෙ එයාගෙ කතාව අළලලා ස්ටීවක් සොර්බර්ග් හදපු ෆිල්ම් එකෙන්

Sunday, January 15, 2012

පෙරළිය ඇරඹෙන්නේ මිමිනීමකිනි..Change begins with a whisper

             රූ පුංචි කාලෙ බලා ගත්තෙ ඒ දවස්වල ගෙදර නැවතිලා හිටිය අක්කලා. ඒ රූගෙ අම්මා සතියෙ දවස් පහේම වැඩ කරලා ගෙදර එන්නෙ පරක්කු වෙලා නිසා. පුංචි කාලෙ ඉදන්ම අපි දවල් දවසම ගෙව්වෙ එයාලත් එක්ක. එයාලා මාවයි මල්ලිලයි බලාගන්න නැවතිලා හිටියෙ පඩියට කියලා පස්සෙ තේරුම් ගියත් එයාලට අක්කා කියලා කතා කරන්න තමන්ගෙම පවුලෙ කෙනෙකුට වගේ සලකන්න රූ පවුලෙ කවුරුත් පසුබට වුනේ නෑ.
රන් මැණිකා අක්කා, අසෝකා අක්කා, දෙමළ ආච්චි වගේ කටට හුරු නම් වලින් අපි එයාලට කතා කලා වගේම කන බොන දේවල් නිදාගන්න දේවල්වලින් කිසිම අඩුපාඩුවක් කලේ නෑ.මට දැනුනු විදිහට මේ වගේ ‍ගෙදර වැඩ කරන අයට සලකන එක ලාංකීය අපේ පුරුද්දක්. රූ ගෙ යාළු අක්කාකෙනෙක් ගේ ගෙදර වැඩ කරන සර්වන්ට්ගේ කාමරේ ඉස්සර රූගෙ බෝඩිම් කාමරේටත් වැඩිය සුඛෝපභෝගී කියලයි එහෙ ගිය වෙලාවෙ රූට හිතුනෙ.