Wednesday, August 7, 2013

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි..2

පළමු කොටසට..
 
  • මිත්‍යාවෙන් පාට ගැන්වුනු විරහව
     අළුතෙන් එළි දැක්වුනු චිත්‍රපටියක් වන “රාංජනා (Raanjhanaa)“ චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහේෂ් බට් මිත්‍යාව දවටන ලද විරහව ගැන මෙසේ අදහස් දක්වයි. 
“ඉන්දියානු පුරාණෝක්තින්හි විහරව එක් කොටසකි. ඉන්දියානුවෝ කාලිදාසයන්ගේ කාලයේ සිට විරහව සමරති. ආදරය බිඳී ගිය විට එය දේව්දාස්,The great Gatsby වැනි විශිෂ්ඨ නිර්මාණයන්ට වස්තු බීජවෙයි.සාමාන්‍ය ජීවිතයේ ආදර ශෝකාන්තයන්ද බොහො ප්‍රේම වෘතාන්තයන්වලට පණ පොවයි.“
    විරහව පළමුවෙන්ම සාහිත්‍යට එක්කල භක්ති නම් දේවධර්ම පොතට අනුව විරහව යනු දෙවියන්ගේ ආදරයයි. එනිසා ආදරයට ලක්වන්නා නොදැක වුවද හුදෙක් විශ්වාසයෙන් පමණක් දෙවියන් හට ආදරය පැවතිය හැකිය. සමහර විට මනුෂ්‍ය සිතේ තමන් ආදරය කරන්නා අතහැරීමට ඇති නොහැකියාව මෙම සංකල්පය මත රඳාපවතින්නට ඉඩ තිබේ.
කතෘ අනිල් ධාකර් මෙවන් ආදරයට ඇබ්බැහි වීම ඉතා භයානක වන තරමටම එය අපූරු නිර්මාණකට පාර කියන බව විශ්වාස කරයි.
“ඒක පාර්ශවික ආදර කතාවක ඇති පරාජිත චරිත පාඨකයන් ලොලීන් අද්දවා ගන්නා සුළුයි. ඔබ අසා තියනවාද ඉතාම ලස්සන ගීතය වන්නේ දුක්බරම කතාව කියන ගීතය බව “


  • පරාජිතයන් මනලොලී චරිත වීම
     ආදරයේ පරාජිත චරිත සැමවිටම සැමගේ ආකර්ෂනය දිනා ගනිති. ආදරයෙන් නොදිනන චරිත සිය හදවත් තුල ආදරය සිත් පතුලේ සුරැකිව තබාගනී යැයි සිල්ලෝම විශ්වාස කරති.විරාගයේ අරවින්දද රෝමියෝද මිනිස් සිත්තුල මෙතරම් උසස්ව මතක් කැරෙන්නේ එබැවිනි.
      එහෙත් මෙසේ හද පතුලේ ගල් ගැසෙන පරාජිත ආදරය යක්ෂයකු ලෙස කල එලි බසී නම් අපි කුමක් කරම්ද? අවසානයට ගත්කල ආදර කාසියේ අනෙක් පස වෛරය ඊර්ෂ්‍යාව වනු වලක්වනු බැරිය. ගින්නට පිදුරු මෙන් නූතන ෆැන්ටසිය කලාවෝ මෙම වෛරය ක්‍රොධය ලුණු ඇඹුල් වලින් රස කොට අනගි ආහාරයක් බවට පත්කොට නුතන තාරුණ්‍යට පිළිගන්වති. එනිසා විරහ වේදනා විදින්නන් තවදුරටත් සාම්ප්‍රදායි අනුකම්පාව හිමිවන්නන් නොවේ. ඔවුහු  රාගික හැඟුම් කළඹන සුළු අත්‍යංත චරිත වෙති. දුකට කරුණ වන්නේ රියැලිටිය මෙයින් බැහැර වීමයි.
     The Book of Unholy Mischief ලියූ එලී නිව්මාන්ට අනුව අප්‍රකාශිත ආදරය මිය යන්නේ නැත. හදේ රහසිගත තැනකට පළවා හැරෙන එය තුවාල වී පැසවා මුළු ගැන්වෙයි.  සමහරක් අවාසනාවන්තයි හට එය ඉතා කටුක වෙයි.

අප නොදකින අනිත් පැත්ත
   කවුරු කෙසේ මෙම රොමැන්ටික හැගිස්සීම හැමටම දිරවන්නේ නැත. ලංඩනයේ වෙසෙන නිර්පාල් සිං ධලිවාලා නම් ලේඛකයා අප්‍රකාශිත ආදරය ෆැන්ටසියක් වන්නේ සැබෑවට ආදරය අත් නොදුටවන්ට බව විශ්වාස කරයි.
“එය තනිකම හුදකලාව ෆැන්ටසික් කරගත්තවුන්ගේ තවත් එක් ෆැන්ටසියක් පමණි. තමන්ගේ සුළුතර ජීවියේ සියළු ප්‍රශ්න අකාමකා මෙවන් ආදරයත් ජීවිතය ඉහල තැනකට ගෙන යාවි යැයි ඔවුහු විශ්වාස කරති. රියැලිටියට බිය වන්නන් නොදිනූ ආදරය මහමෙරක් කොට සලකති. එහෙත් සත්‍යය එයට වඩා බොහෝ දරුණුයි.“

එක් බොත්තමක් එබීමෙන් සියල්ල විසඳිය යුතු බව පතන පරම්පරාවකට මෙම අමිහිරි සත්‍ය දිරවා ගැනීමට ලෙහෙසි වන්නේ නැත.
-නිමි-

ජූලි 14 ටයිම්ස් ඔෆ් ඉන්දියා හි පලවූ නෝනා වාලියා විසින් ලියන ලද I don't love you ලිපිය ඇසුරින් සැකසිනි. 

පින්තූරු අනුග්‍රහය:
www.indianexpress.com  

Monday, August 5, 2013

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි..1



      පිරිමි ළමුන් තමන්ගේ ගෑනු ළමයාට පණ ඇති තුරු ආදරය කිරීමට පොරොන්දු දෙන්නේ ආදරය පැවසීමත් සමගය. ගෑනු ලමුන්ද ඊට දෙවනි නැත. කොල්ලන් කෙල්ලන් මිනිසුන් ගැහැනුන් වද්දී තමන්ගේ ලෝකය ලිං ගැට්ටෙන් ඔබ්බට ලොකු වද්දී පෙර කී ආදරය පෙර මෙන් රසවත් නොවෙයි. මෙය ඔබට මට සැමටම සිදුවිය හැකි පොදු කතාන්දරයකි.
      විරහව ආදරය තරම්ම ජීවිතයේ කොටසකි. එයින් විඳින වේදනාවද කාහටත් පොදුය. කවීන් කතුවරුන් දම්මි -සුගත්, රෝමියෝ-ජුලියට් සිට දේව්දාස්-පාරෝ, සිඩ්නි කාර්ටන්-ලුසී මැනට් දක්වා වූ ජනප්‍රිය චරිත හා සිත් හඬවන කතාපුවත් ලියුවේ දිනූ ආදරයට වඩා ආදරයේ ආශාව සහ පරිත්‍යාගය පදනම් වූ විරහව පදනම් කැරගෙනය.
     පර්නැන්දු ශේකර්,බාලිකා වාඩු නම් ටෙලි වෘතාන්තයේ තිර රචකයා නොදිනූ ආදරය මෙතරම් ජනප්‍රිය වීමට හේතු මෙසේ විස්තර කරයි.
“දිනූ ආදරය කෙතරම් බොළඳද? නීරසද? ටිකකට හිතන්න ලයිලා-මජ්නු විවාහ වුනොත් කොහොම වෙයිද කියලා? නොදිනූ ආදරය සදහටම පවතිනවා. එහි ආදරයේ ආශාව කවදාවත් වියැකී යන්නෑ.ආදරය බිඳීයන තරමටම එයට හිතේ ඇති රුචිය මනදොල සංසිදෙන්නේ නැහැ. විරහව කියන්නේ තිත්ත රසැති බීමක් වගේ. ආදරය විවාහයෙන් එකතුවීමෙන් සම්පුර්ණ වුනාම එහි සුරංගනා ගතිය නැතිවෙනවා.ඒ නිසා තමයි නොදිනූ ආදර පුරාවෘත්තවලට ලෝකයම ආදරය කරන්නේ.“
    කෙසේ වුවත් මෑත යථාර්තය ඉහත කියන ලද රොමෑන්ටික් සංකල්පයෙන් බැහැරව සාහසික ස්වරූපයක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. පුවත් පත් රූපවාහිනි වැඩසටහන් ආදරයෙන් පැරදුන් ආදරවන්තයින්ගේ පිහි ඇණුම්, පීඩා කිරීම්, බිය වැද්දීම්, ඇසිඩ් ගැසීම්,සියදිවි නසාගැනීම්,  මිනීමැරුම් වලින් පිරී ඇත. මේ සියල්ල ආදරයේ නාමයෙන් ඇතිවන වෛරය, ආදරය නැතිවේ යැයි ඇතිවන බිය හෝ ලැජ්ජාව නිසා සිදුවන දේවල්ය.


  • හීන වූ ජීවන කුසලතා
      තමන්ගේ මුළු ජීවිත කාලය තුල ආදරයකින් ප්‍රතික්ෂේප නොවී සිටීමට  ඇති අවස්ථා ඉතා අල්පය. පරිණාමවාදී මනෝවිද්‍යාඥ ඩේවිඩ් බස් ඔහුගේ “The Dangerously Passion “ පර්යේෂන කෘතියේදී මෙසේ සඳහන් කර ඇත.
“පුද්ගලයන් විසිදෙනෙකු ගත් කල විරහව අත්දැක නොමැත්තන් ඇත්තේ එක් අයෙකු පමණි.“
   පොත්වල පිටු අතර හෝ සිනමාවේ තිරය මත විරහව රොමෑන්ටික වන තරමටම සැබෑ ජීවිතය තුල විරහය ප්‍රචන්ඩ වේ. මෙසේ පවසන්නේ විසි හතර හැවිදිරි ඌරජ් කුමාර්ය. 
“අවුරුදු 13දී මම ආදරය කල ගෑනු ළමයා මාව දාලා ගියා. මට පිස්සු හැදුන්නැති එක විතරයි. මම එයාගේ පස්සෙන් ගියා ඇවිටිලි කලා එයාගේ ෆේස්බුක් ගිණුම හැක් කලා, තර්ජනය කරලා ඇමතුම් දුන්නා. අන්තිමට මටම තේරුනා මට පිස්සු හැදීගෙන එනවා කියලා. මගේ යෙහෙළියන්  බොහොමයක් එයාලා පිරිමි ළමුන් අතින් ප්‍රතික්ෂේප වුනාම සියදිවි නසාගන්නවා කියලා තර්ජනය කරලා තියනවා. මට දකින විදිහට දැන් කාලේ කවුරුත් බැහැ කියන දේ අහන්න කැමති නෑ.“
      වෛද්‍ය කනිකා කන්දෙවාල්, දිල්ලියේ ශ්‍රී රාම් කාන්තා විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය වරිය මෙයට හේතු මෙසේ සඳහන් කරන්නීය.
“ආදරයේ බිඳ වැටීම් ලොකු වුවත් පොඩි වුවත් මේ පරම්පරාවේ බොහොමයකට එය දරාගන්න බැහැ. එයට හේතු වී ඇත්තේ ඔවුන් හැදී වැඩෙන කාලය තුල එවන් අවස්ථා ඉතා අඩුවීමයි.“
Can Love Happen Twice පොතේ කතෘ රවීන්ද්‍ර සිං මෙසේ කියයි.
“දැන් ඇත්තේ දුටු ගමන් ඇතිවුනු ආදරයකට වඩා දුටු ගමන් ඇතිවුනු කැමැත්තක්. එදා තිබූ තරුණ ආදරය වෙනුවට දැන් ඇත්තේ එක් මවුස් ක්ලිකයකින් ඇතිවුනු ආදරයක්. දැන් ආදරය ඇතිවීමට දෙදෙනා හැබැහින් දකින්නටම උවමනා නැහැ. ප්‍රේමය හුදෙක් මවුස් ක්ලිකයක් තරම් පහසුයි ලේසියි.“
      එසේ ඇතිවන සෝඩා බෝතල් ආදරය මවුස් ක්ලිකයකින් පමණක් එකිනෙකා අතර හුවමාරු නොවද්දී ප්‍රතික්ෂේපය යනු ලෝකය කඩා වැටීමක් වනු වලක්වන්නට බැරිය.

ඉතිරිය දෙවන කොටසින්...

ජූලි 14 ටයිම්ස් ඔෆ් ඉන්දියා හි පලවූ නෝනා වාලියා විසින් ලියන ලද I don't love you ඇසුරින් සැකසිනි.

පින්තූරු අනුග්‍රහය:
http://ibnlive.in.com