Friday, September 30, 2011

Anna Swelungs : ලැප්ටොප් දීමනාව

Anna Swelungs කියලා ඔයාලගේ email inbox එකේ හෙව්වාම අනිවාර්යෙන් මේ වගේ ස්පෑම් ඊමේල් අඩුම ගනනේ 4-5 ක් වත් හොයාගන්න පුළුවන් වේවි. තවත් ටිකක් බලාගෙන ගිහාම ඔයාලත් මේ මේල් එක ආපහු යාළුවන්ට යවලත් ඇති. 
ඒ වුනට මෙහෙම ලැප්ටොප් හම්බ වුනු කෙනෙක් දැකලා තියනවද? අඩුම ගනනේ අහලාවත් තියනවද?


මට ආපු මේල් එක මෙන්න.


ඉතින් සුපුරුදු පරිදි යාළුවන්ට මේක යවන්න කලින් මම මේක google search කලා. 
එතකොට තමයි තොරණෙ ඇත්ත විස්තරේ හම්බ වුනේ. 
මේක මම කොපි කරගත්තෙ Ericsson site එකෙන්.http://www.ericsson.com/article/faq_914590152_c


මේ පෝස්ටුව දැම්මෙ මේ මේල් එක ගැන විතරක් නෙවෙයි. සමහර වෙලාවට අපිට forward කරන්න කියලා එන හැම මේල් එකක්ම පොඩ්ඩක් හොයල බලලා යවනවද නැද්ද කියලා තීරණය කරන්න.


සමහර වෙලාවට පොඩි ළමයින්ව හොඳ කරන්න ආධාර ඉල්ලලා අපි අහලවත් නැති රටවල්වල ඊමේල් ලැබෙනවා. මම මේ ළඟදි ඒවගේ ඊ මේල් එකක් ගැන හොයලා බැලුවහම ඊමේල් එක හුවමාරු වෙන්න පටන් අරන් තියෙන්නෙ 2000 වසරෙදි. ඒ කියන්නෙ ජීවත් වෙලා ඉන්නවනම් අවුරුදු 11 වෙන ළමයෙක්ට තමයි අපි තාම ආධාර කරන්නෙ. !
මීට පස්සෙ මේ වගේ email,FB status copy කරලා යවන්න කලින් google කරලා පොඩ්ඩක් චෙක් කරලා හිටියානම් හොඳයි. 
මේ වගේ දේවල් වල ඇත්ත හොයලා දෙන  site කිහිපයක් තමයි මේ.
http://urbanlegends.about.com/
http://www.hoax-slayer.com/
http://www.sophos.com/


Saturday, September 24, 2011

දිනපොතෙන් 1: වෙනස් වෙන වචන අරුත්

මේ පෝස්ටුවත් හොයා ගත්තෙ ටික කාලයකට කලික් මම කියවපු පත්තර කෑල්ලකින්.  සීනි ඔතන, බනිස් ගේන පත්තර කෑලිවල තියන ලස්සන දේවල් කියවන එක මගේ පොඩි කාලෙ ඉඳලම තියන පුරුද්දක්. සමහර වෙලාවට ඒවා මගේ පරණ ඩයරියෙ ලියලා තියනවා. මේ එහෙම ලියල තිබුන එකක්. 


මහත්මයා : බසයෙන් බසින විට තම අසුන කාන්තාවකට පිළිගන්නා
                  (දැන් නම් මහත්මයෙක් වෙන්න ෂර්ට් ජාතියක් අඳින්න ඕනිනේ)


විවාහය : එක් අයකුට වැඩි වාසි සහ බලතල පැවරෙන ලෙස දෙදෙනෙකු අරඹන සංගමය


ප්‍රසිද්ධ දේශකයා :එක තැනක රැස්වෙන පිරිසකට නිදිමත ඇතිවන අන්දමේ කථාවක් පැවැත්වීමට රැය පුරා නිදිමරා කරුණු රැස් කරන්නා

මුදල් : විශ්වාස නොකල යුතු එහෙත් විශ්වාස තැනක තැන්පත් කල යුතු දෙයකි

දුම්රිය : තම පසුපසින් හඹා එන විට ඉවතට පැන බේරිය හැක්කේ දුම්රියෙන් පමණි

විභාග ශාලාව : සිසුන් මොළය වෙහෙසනවාට වඩා අත වෙහෙසන ස්ථානය

සම්මන්ත්‍රනය : සුළු දේවල් බරපතල දේවල් කර බරපතල දේ තේරුම් ගැනීමට අපහසු දේවල් බවට පත්කරන ස්ථානය

ඈණුම : ගුරුවරුන්ගේ හෝ කථිකයන්ගේ කථාව කෙටි කිරීමට කාලය යැයි කියා පෑ හැකි ඉඟිය

Wednesday, September 21, 2011

කැම්පස් කථාවක්....රැග් සීසන් එක

මේ සිද්ධිය වුනේ අපේ රැග් සීසන් එක දවස්වල.....
කවුරු කොහොම කිවුවත් රැග් සීසන් එකේ ෆන් එක සම කරන්න මොනවටවත් බෑ. මොනවටවත් කියල මම අදහස් කලේ ඔය කියන නවකයන් පිළිගැනීම්, නායකත්ව පුහුණු වගේ ඒවා. ඒ ලෙවෙල් පාස් වෙලා කැම්පස් තේරුනහම අපේ ඔළුවල   අමුතු ආඩම්බර කමක් එනවා අපි හරි උසස් කියලා. ඒත් ඒ ආකල්පයත් එක්ක විශ්ව විද්‍යාල ජීවිතේ ගෙනියන්න ලේසි නැහැ. ඉතින් අපිට ඉස්සරහට ගෙවන්න තියන ජීවිතේ ගැන ටිකක් හරි අවබෝධ වෙන්නෙ රැග් සීසන් එකේදි තමා. මේ පොස්ටුව රැග් සීසන් එක ගැන කියන එකක් නෙවි. අපි ඒ කාලෙ ගත්ත ෆන් එක ගැන ලියවෙන කථාවක්.
කන්ද පාමුල සරසවිය ගැන ගොඩක් බ්ලොග්වල ලියවිලා තියනවා. ඒත් එක්කම ඒවා අතරෙ රැග් සීසන් එකේදි වෙච්ච සිද්ධීන් ගොඩකුත්  තිබුනා මතකයි.
ඉතින් මගේ කථාව මෙහෙමයි.


රැග් සීසන් එකේ ප්‍රධාන පරමාර්ථයක් තමයි බැච් එකේ බැචාලා බැචීලා කස්ටිය අඳුර ගන්න එක. නිකම් නෙවෙයි. පහත විස්තර එක්ක

  • බැචා/බැචී ‍ගෙ ඇත්ත නම
  • කාඩ් එක(රැග් සීසන් එකේදි මේක නිතරම වෙනස් වෙනවා.ඉතින් හරි කාඩ් එක දැනගෙන හිටියේ නැත්නම් සොරි තමා)
  • කොහෙන්ද ආවේ
  • අණ්ඩර කෑවේ කොහෙන්ද (දෙමළ නෙවි..මේ අහන්නේ ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා)
  • පවුලේ කී දෙනාද
  • දෙමව්පියො මොනවද කරන්නේ
  • සහෝදරයෝ මොනවද කරන්නේ

(තාමත් රැග් එක මෙහෙමද කියලා දන්නෙ නෑ)
බැච් එකේ රැග් වෙන හැමෝගෙම මේ විස්තර  up to date දැනගෙන ඉන්න නම් එක ගිරවෙක් නෙවෙයි, ගිරව් කූඩුවක්ම ඕනෙ වෙනවා. ඉතින් අපි කට්ටිය සෙට් වෙලා දන්න උපක්‍රම සියල්ල දාලා (ඒකට කියන්නේ මීටරේ දානවා කියලා) මොනවා හරි කරලා අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් බේරෙනවා.


මෙහෙම රැග් වෙන වෙලාවක මටයි සිරි අයියටයි (අපේ ගෙවල් පැත්තෙන්ම ආව බැචෙක්) සෙට් වුනා නෑඹිලි කට් ජ්‍යෙෂ්ඨතුමාව. (රැග් සීසන් එකේදි  අපි සීනියර්ස් ලගෙ නම් දන්නෙ නැති නිසා අපි හදුනා ගැනීමේ පහසුවට එයාලටත් නම් දාලා තිබුනා..මේ ජ්‍යෙෂ්ඨතුමාගේ කොණ්ඩය දැක්කම යටිකුරු කල නෑඹිලියක් මතක් වෙන නිසයි  අපි එයාට එහෙම කිව්වෙ.)
ඉතින් කතාබහ ගියේ මේ විදියට....


ජ්‍යෙෂ්ඨතුමා: කෝ උඹලා දෙන්න මෙහෙ වරෙව්..!
(අපි දෙන්නත් හිමින් සීරුවෙ ලංවුනා.)
ජ්‍යෙෂ්ඨතුමා: කෝ දැං කියපල්ලා උඹලා දෙන්නගෙ විස්තර මාරුවෙන් මාරුවට.
(අපි දෙන්න ටික වෙලාවකට කලින් ඉදන් විස්තර ටික කටපාඩම් කරගෙන හිටිය නිසා ජ්‍යෙෂ්ඨතුමාගෙන් බැනුම් අහන්නේ නැතිව විස්තර ටික කියලා දැම්මා. හදිසියේ හරි වැරදුනා නම් ඔළුවේ ඉදන් කුණු බැනුම් වරුසාවක් වහින්න තිබුනා.)
ජ්‍යෙෂ්ඨතුමා: (සිරි අයියට) තෝ ගිහින් කඩන් වරෙන් අර තුත්තිරි මල් 10ක්.
(හැමෝම දන්නවාන් කන්ද පාමුල සරසවියේ ලස්සනට තණකොළ වවලා තියනවා කියලා., අපි එදා හිටපු හරියෙ තණකොළ අතරෙ තුත්තිරිත් වැවිලා තිබුනා. ඉතින් සිරි අයියට තුත්තිරි හොයාගන්න අමාරු වුනේ නෑ. )
ජ්‍යෙෂ්ඨතුමා: හා....හොදයි...දැන් මේ බැචී දිහා ආදරෙන් බලලා ඔය තුත්තිරි මල් ටික දීලා කියපං මම ඔයාට ආදරෙයි කියලා.
(කිරි  අප්පට බල්ලො පැනපි. අපි දෙන්න හිනාවෙන්ඩද අන්නද කියලා දන්නෙ නැතිව තක්බීර් වෙලා වගේ ටික වෙලාවක් හිටියා. දැන්නම් ඉතින් සොරි තමයි.. මේක කරන්න බෑ කිව්වොත් ජීවිතේට අහලා නැති කුණු කතා අහගන්න වෙනවා. අපි දෙන්නා මේක කරොත් ඊළගට බැච් එකේ ඉදල හමාරයි.
මෙහෙම කල්පනා කරකර හිටියොත්  අපේ කන් වලින් බැනුම් පිටාර ගලන්න පටන් ගන්න නිසා සිරි අයියා අයියා මීටරේ දැම්මා)
සිරි අයියා: ම්...ම්....මේ...මේකයි ජ්‍යෙෂ්ඨතුමා....මේ නංගි අපේ දුරින් නෑදෑයෙක් වෙනවා....ඉතින් මේ...
ජ්‍යෙෂ්ඨතුමා: මේකා කියන්නේ ඇත්තද?
රූ: ඔ...ඔ....ඔව් ජ්‍යෙෂ්ඨතුමා අපි දෙන්නා දුරින් නෑදෑයො වෙනවා....
ජ්‍යෙෂ්ඨතුමා: කියපං බලන්න කොහොමද නෑදෑයො වෙන්නෙ කියලා?
( මදෑ කොලා...එක බොරුවක් වහන්න දැන් දාහක් කියපංකො. ජ්‍යෙෂ්ඨතුමාට අපි මීටරේ දානවා කියලා තේරිලා වගේ)
රූ: මෙහෙමයි.. මේ අයියා අපේ අම්මගේ අක්කගේ..ඒ කියන්නේ ලොකු අම්මගේ මහත්තයාගේ ඒ කියන්නේ ලොකු තාත්තගේ මල්ලි බැ‍ල ඉන්න නැන්දගේ අක්කගේ මස්සිනාගෙ පුතා...
ජ්‍යෙෂ්ඨතුමා: හා..දැන් කියපං බලන්න උඹේ නෑදෑකම....
සිරි අයියා: අපේ තාත්තගේ පැත්තෙන් තමා නෑදෑයො වෙන්නෙ ජ්‍යෙෂ්ඨතුමා....
(ඒකටත් කියන්නෙ මීටරේ දානවා කියලා තමා! මූ නම් මීටර් පප්පෙක්නෙ)


අන්තිමට ජ්‍යෙෂ්ඨතුමාට තේරුනා අපිව තම්බන්න ගියොත් හැමෝගෙම සෞඛයයට අහිතකරයි කියලා එදාට අපිව අතෑරලා යන්න දුන්නා.කොහොම හරි එදා රැග් වෙන එකෙන් බේරුනා.




ප/ලි:
පස්සෙ තමයි හොඳම සීන් එක. ඊට ටික දවසකට පස්සේ මේ කියන නෑඹිලි කට් ජ්‍යෙෂ්ඨතුමාව ආයෙත් සෙට් වුනා. හැබැයි එදා සිරි අයියා හිටියෙ නෑ. ඉතින් දෙබස මෙහෙමයි.
ජ්‍යෙෂ්ඨතුමා: කෝ උඹේ අයියා?
රූ: මොන අයියද?
ජ්‍යෙෂ්ඨතුමා: මොකක්...උඹට අයියව මතක නෑ! එදා උඹල මීටරේ දැම්මා නේද? !#!#!!#*&^%$#$^&$#...


ඊට පස්සෙ ජ්‍යෙෂ්ඨතුමා කියපු ඒව මට මතක නෑ...(මතක තියා ගත්තෙ නෑ කිව්වොත් හරි)

Sunday, September 18, 2011

ඉංග්‍රීසි භාෂාවේ දියුණුව



අපේ වයසත් එක්ක ඉංග්‍රීසි භාෂාවේ වචන වල තේරුම වෙනස් වෙන හැටි ගැන ලියවුනු මේක මම කොපි කරගත්තේ ෆේස් බුකියෙ යාළුවෙකුගෙ status එකකින්...


When I was 10........

  • Rubber meant eraser
  • Ass meant donkey
  • Gay meant happy
  • Straight meant linear
  • Making out meant 'logical detection'
  • Cock meant rooster
  • Pussy meant cat
  • Stag meant a male deer
  • Prick meant a jab
  • Poke meant a nudge
  • Chick meant a baby hen
  • Screw meant a carpenter's implement
  • And...
  • Tit was always for Tat!! Damn! - English has changed so much !!!!!





බලාගෙන ගියාම ඒකත් ඇත්ත..........



Saturday, September 17, 2011

පාරේ වලවල් 2: ශොක්ස්

කලින් පොස්ටුවට  ඌනපූරණයක් ලියන්න කියල හිතුවේ මෑතකදී කාර් එකේ ශොක්ස් (Shock absorber) මාරු කරන්න වුනු නිසා. 
ශොක්ස් කඩේ මනුස්සය වාහනේ ගාවට ඇවිල්ල ඔලුවේ අත තිය ගත්තා මේකේ මෙච්චර කාලයක් ගියේ කොහොමද කියලා..
ආයේ අහන්න දෙයක් තියනවායැ..මතකනේ පලවෙනි දවසෙම හම්බ වෙච්ච උපදෙස...!!
(රූ මහත්තයා ලඟදි කියනවා..."රූ,වාහනෙන් බැස්සට පස්සෙත් බම්ප් වෙනවා වගේ දැනනවා කියලා" :)

ඉතින් මේ  පොස්ටුවෙන් කියන්න හිතුවේ ශොක්ස් වලට බර ගානක් වියදම් කරන්න හිත හදා ගන්න කලින් කරපු රිසර්ච් එකේ විස්තර. 
ඔයාලටත් උදව් වේවි කියලා හිතනවා.

1. වාහනේ ශොක්ස් කරන්නේ මොනවාද...

කෙටියෙන්ම කියනවනම් ශොක්ස් කරන්නේ වාහනේ රෝද ටික පාරත් එක්ක සම්බන්ධය තබා ගැනීම. මේ සම්බන්ධය ගිලිහුනොත් වාහනේ සමබරතාවය ගිලිහිලා යනවා.ආරක්ෂා සහිත ධාවනයකට වාහනේ ශොක්ස් ගොඩක් වැදගත්. ස්ටියරින් වීල් එකේ කොන්ට්‍රෝල් එක රඳා පවතින්නේත් ශොක්ස් වල ක්‍රියාකාරීත්වය මත. 
මේ වීඩියෝ එකෙන් බලන්නකෝ ශෝක්ස් වැඩ කරන්නේ කොහොමද කියලා.


වාහනේ වලක් උඩින් ගමන් කරද්දී ඇති වන කම්පනය සාර්ථකව අවශෝෂණය කර ගැනීමේ හැකියාව ෂොක්ස්  වලට තියනවා.
වාහනේ පහසුවෙන් හිතන හිතන විදියට නතර කරන්න, වංගු ගන්න වලවල් උඩින් යන්න උදව් කරන්නේ ශොක්ස් තමා.

2. ශොක්ස් මාරු කරන්න ඕනි කියලා දෙනගන්නේ කොහොමද?

වාහනේ ධාවනය කරපු දුර (මයිලේජ් එක ) සැතපුම් 50000ට වඩා වැඩි නම් ශෝක්ස් පරික්ෂා කරන්න කාලේ හරි.
කොහොමද වාහනේ ශොක්ස් මාරු කරන්න ඕනි කියලා දැනගන්නේ...
මේ වීඩියෝ එක බලන්න කෝ
වාහනේ ටයර් අසමානව ගෙවිලා තියනවනම්..(වීල් අලයින්මෙන්ට් එකක් කරලත් හරි ගියේ නැත්නම්) වාහනේ කොන් වලින් පල්ලෙහාට තද කරනකොට ගහනේ හෙල්ලි හෙල්ලි තියනවනම් සරුංගලයක් වගේ..(අනේ එච්චර කල් නම් ඉන්න එපා..වාහනේට සොරි තමයි) වංගු ගද්දි ස්ටියරින් එක කොන්ට්‍රෝල් නැත්නම්..ශොක්ස් මාරු කරන්න කාලේ හරි. 

3. ගෙවිච්ච ශොක්ස් කරන්නේ මොනවාද..
මේක නම් ගොඩක් භයානකයි...මොකද මේවයෙන් භාගයක් විතර මම අත්විඳලා තියන නිසා...:(
පලවෙනි  එක තමා ටයර් අසමානව ගෙවන එක. එක ආරක්ෂාවට වගේම පොකට් එකටක් අවසිදායකයි. 
දෙවැනි එක වංගු ගද්දි කොන්ට්‍රෝල් නැතිවෙන එක.. (මත්වෙලා එලවන අය වංගු කෙලින් කරන්නේ ශොක්ස් අවුල් නිසා කියලා මම හිතන්නේ නෑ..)
තුන්වෙනි එක වාහනේ ගමනක් ගිහිල්ලා අවහම පරණ CTB බස් එකක ගිය වගේ දැනෙන එක..කොන්දේ අමාරුව හැදෙන්නත් ඉඩ තියනවා..:)
ඔක්කටෝමත් වඩා හරි කාලෙට ශොක්ස් මාරු නොකරොත් වාහනේ අනිත් පාර්ට්සුත් ඉක්මනට ගෙවිලා යනවා.

4. shocks මාරු කිරීම..

මේක නම් සම්පුර්නයෙනම මගේ අත්දැකීම් තමා.. ශොක්ස්  වර්ග දෙකක් තියනවා.
1. ඔයිල් ශොක්ස්- කම්පනය අවශෝෂණය කරන්නේ ඔයිල් එකකින්.පරණම තාක්ෂනය..ලොකු වාහනවලට එන්නෙම මේ ටයිප් එක.
2.ගෑස් ශොක්ස් - කම්පනය අවශෝෂණය කරන්නේ ගෑස් එකකින්. අළුත් වාහන වලට එන්නේ මේ ටයිප් එක. කම්පනයකට ඔයිල් ශොක්ස් වලට වැඩිය ඉක්මනට ප්‍රතික්‍රිය කරනවා.

වාහනේ මොඩෙල් එකට ශොක්ස් මොඩෙල් එක මැච් කරන්න ඕනි.. ඒ එක්කම මේ දේවලුත් මාරු කරන්න ඕනිද කියලා බලන්න.
1. ෂොක් බුට්ස් (බම්පර් කියලත් කියනවා)-ෂොක්ස් දුවිලි මඩ වලින් ආරක්ෂා කරන රබර් ආවරණය
2. ෂොක් මවුන්ට් -ෂොක්ස් වාහනේට හයි කරලා තියන ගැජට් එක...(අපිට හරි එක හොයාගන්න කඩවල් හතරකට විතර යන්න වුනා..)

කොහොමත් branded එකක් දාගත්තහම කරදරේ  අඩුයි කියලා ගැරිජ් අයියා කිව්වා. වගකීමකුත් ලැබනවනේ. 
(KYB , වික්ටෝරියා බ්‍රෑන්ඩ් හොඳයි කියලා කට්ටිය කියනවා..)

එහෙනම් අදට සුභ ගමන්...

ආශ්‍රය http://www.kyb.com/vehicle/index.php හා youtube වෙබ් අඩවි.

Wednesday, September 14, 2011

තවත් පොඩි කතාවක් : පාරේ වලවල්




ඉස්සෙල්ල කතාව ලියාගෙන යද්දී මතක් වුනු තවත් කතාවක්. 

මේක සිද්ද වුනේ මම කාර් එක ගත්ත අළුත. ලයිසම අරන් ගොඩ කාලයක් ගියත් මම වාහනයක් එලවලා තිබුනේ නෑ. ලයිසම ගත්ත හැටිත් ලස්සන කතාවක්. එකත් පස්සේ දවසක ලියන්නම්කො. රස්සාවකට කොළඹ ඇවිල්ලා එක එක දේවල් market  කරන්න තැන් තැන් වල යන්න ඕනි වුණාම මම ටිකක් අමාරුවේ වැටුනා. ඕක ඉතින් බස් එකේ ගිහිල්ල කරන්න අමාරු නිසාත් office එකේ අයට මාව තැන් තැන් වලට transport  කරලා එපා වෙලා තිබුන නිසාත් අපේ බොස් අනුමැතිය දුන්න මට කාර් එකක් ගන්න. කොහොමහරි වටේම ඉන්න යාළුවන්ට කරදර කරලා වාහන සේල් ගානේ කරක් ගහල අම්මගෙන් ලෝන් එකක් ගහල ඔන්න ඉතින් මමත් වාහනයක් ගත්තා. කොහොම වුනත්  මගේ ගැනයි පාරේ යන අනිත් අය ගැනයි  ලොකු අනුකම්පාවක්  තිබුන නිසා අපේ office අනිත් අය ඉදිරිපත් වුනා මට driving lessons දෙන්න. මොකද මම මොකක් හරි ඇක්සිඩන්ට් එකක් කර ගත්තොත් හොස්පිටල් ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙන්නත් එයාලටම නිසා. ඉතින් පලවෙනි දවසේ ඉස්සෙල්ලම කාර් එකේ office ඇවිල්ලා client කෙනෙක් ගාවට යන්න සෙට් වුනා. අපේ බෝසුත් ඉතින් අනුකම්පා කරලා මත එක්ක client visit කරන්න එන්න කැමති වුනා. කොහොමහරි පැයකින් යන්න පුළුවන් ගමනට පැය දෙක හමාරක් විතර වියදම් කරලා අපි දෙන්නා අපහු එනවා. යන ගමනේත් එන ගමනේත් අපේ බොස් එයාගේ ජීවිත කාලෙම වාහන පැද්දා වගේ මට උපදෙස් දෙමින් තමයි ආවේ.  මේ එහෙම හම්බවෙච්ච උපදෙස්වලින් කොටසක්.

"වාහනේ driver සීට් එකේ ඉන්න කෙනාට තමයි කඩවල් වල එළවළු තියනවද බේකරියේ පාන් පරණද, පාරේ දෙපැත්තේ තියන කඩ මොනවාද කියල පෙන්නේ...එත් driving කරන කොට පෙන්නේ පාරේ වලවල් තියනවද ඉස්සරහ වාහනේ කවුද එළවන්නේ පිටිපස්සේ එන මනුස්සය හෝන් ගහන්නේ මොකද කියල..."
" ඉස්සරහ වාහනේ එළවන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියල හරියටම අනුමාන කරන්නේ කොහොමද"
"පිටිපස්සෙන් එන මනුස්සයා උඩ නැගගෙන හෝන් කරත් ඇහුනේ නෑ වගේ cool එකේ යන්නේ කොහොමද"
"බසුයි කාරුයි overtake කරද්දී තියන වෙනස මොකද්ද? "

ඉතින් ඔය උපදේශ වලින් කන පුරුවාගෙන වාහනෙත් හප්පා ගන්නේ නැතිව අපි කොහොම හරි හවස් වෙද්දී office ළඟටම අවා. හොඳම උපදේස හම්බ වුනේ අන්තිමට..
"මෙහෙමයි රූ, ඔයා හොඳට drive කරනවා හොඳ රියදුරෙක් වෙන්න පුළුවන්. එත් එක දෙයක්, පාරේ වලවල් මැදි කරලත්  වාහනේ ගන්න පුළුවන්  "

ප/ලි 
"හොයාගෙන ගිහිල්ල වාහනේ වලවල් වලට දාන  පුරුද්ද තාමත් මට තියනවා කියලයි රූ මහත්තයා නම් කියන්නේ" 

Tuesday, September 13, 2011

පළවෙනි පෝස්ටුව/ දිගහැරුම


                    මොනවා හරි අලුතෙන්ම පටන් ගන්න කොට ඒක හිතට වදින්න ලියන්න ඕනි. එහෙම තමා පොතේ තියෙන්නේ. කාලෙට ඉස්සෙල්ල toast masters speech craft course ඒක කරපු වෙලාවෙදිත්  උගන්නපු කට්ටිය කිව්වේ එහෙම තමා. ඒත් ගොඩක් බ්ලොග් කියවල ලබපු අත්දැකීම් වලින් කියන්න පුළුවන් පළවෙනි පෝස්ටුව ලියන ඒක එච්චර ලේසි නෑ  කියලා. මොකද පළවෙනි පෝස්ටුව ලස්සන එකක් වුනාම ඉතුරු පෝස්ටුත් ඒ වගේම ලියන්න තවත් අමාරුයි. හරියටම කියනවනම් පළවෙනි පොස්ටුව ටිකක් විතර අඩි කෝදුවක් වගෙයි. :) 
මොනවාද  ලියන්නේ කියලා කල්පනා කරලා බලනකොට මතක් වුන පොඩිම පොඩි කතාවක්. 
            මේක උනේ අපි කැම්පස් එකෙන් අයින් වුනු අළුත. අපේ සෙට් එකේ හිටිය අතිජාත මිතුරියක් කසාද බඳිනවා කියලා වෙඩිමට එන්න පිට ආරාධනා ලැබුනා ( අපිට කියන්නේ නැතුව උඋට මගුල කන්න බැරි බව ඌ කොහොමත් දැනගෙන හිටියා. 
ඔන්න මමයි මගේ අතිජාත යාළුවෝ සෙට් එකයි කතා වෙලා ටිකක් දුර පළාතක තියන මේ වෙඩිමකට යන්න පිටත් වුනා. හරියටම කියනවනම් මේ කුරුණෑගල ඉදන් කිලෝමීටර් 30 ක් විතර දුර. අපි කොළඹ ඉඳලා පිටත් වුනේ උදේ පාන්දරම. මොකද අතිජාත මිතුරිය අඩුම ගන්නේ පෝරුවෙන් බහිනවවත් දැක බලා ගන්න ඕනි නිසා. ( නැත්නම් මනුස්සයා කියයි උඹලා වෙඩිමට ආවේ කල යන්න විතරයි කියලා. ඒක එහෙම උනත් එහෙම අහගන්න ඒක හරි නැනේ.) දැන් ඉතින් ලාහට ගෙම්බෝ එකතු කරන්නා වගේ කස්ටිය එකතු කරගෙන (මහා ගොඩක් නෙවෙයි මගේ car එකට පටවන්න පුළුවන් තරම් පස් දෙනෙක් ) අපි යනවා. දවල්ට කන්න වෙඩිමක් තිබ්බට උදේට කන්න දෙන්න කවුරුත් නැනේ. ඉතින් අපි උදේ 9 ට විතර උදේට කාල යන්න පුළුවන් කඩයක් හොයනවා. 
කිලෝමීටර් ගානක් ඇවිල්ලත් අපිට කන්න නතර කරන්නා සුදුසු තරම් කඩයක් හම්බ වුනේ නෑ.  ගියපු අය  දන්නවා ඇති කොළඹ ඉඳලා මිනුවන්ගොඩ පාරේ කුරුණෑගලට යනකොට කඩයක් හොයාගන්න කොච්චර අමාරුද කියලා. මීට කලින් ඒ පැත්තේ ගිහිල්ල තිබුනේ නැති නිසා අපි කවුරුත් අඩුම ගානේ ටවුමක් තියන තැනක්වත් දැනගෙන හිටියේ නෑ. උදේට කන්න කෙසේ වෙතත් සීනි බනිස් කඩයක් වත් හම්බ වෙයිද කියලා ඒ යන විදියට අපිට ෂුවර් නෑ. මෙහෙම බලාගෙන ගිහිල්ල බැරිම තැන කාර් එක පිටිපස්සේ හිටිය එකෙක් මම driver ට   කියපි 

 " මේ හරියේ තියන පෙරේරා ඇන්ඩ් සන්ස් එකක් ගාවවත් නතර කරනවලකෝ" කියලා