Wednesday, September 14, 2011

තවත් පොඩි කතාවක් : පාරේ වලවල්




ඉස්සෙල්ල කතාව ලියාගෙන යද්දී මතක් වුනු තවත් කතාවක්. 

මේක සිද්ද වුනේ මම කාර් එක ගත්ත අළුත. ලයිසම අරන් ගොඩ කාලයක් ගියත් මම වාහනයක් එලවලා තිබුනේ නෑ. ලයිසම ගත්ත හැටිත් ලස්සන කතාවක්. එකත් පස්සේ දවසක ලියන්නම්කො. රස්සාවකට කොළඹ ඇවිල්ලා එක එක දේවල් market  කරන්න තැන් තැන් වල යන්න ඕනි වුණාම මම ටිකක් අමාරුවේ වැටුනා. ඕක ඉතින් බස් එකේ ගිහිල්ල කරන්න අමාරු නිසාත් office එකේ අයට මාව තැන් තැන් වලට transport  කරලා එපා වෙලා තිබුන නිසාත් අපේ බොස් අනුමැතිය දුන්න මට කාර් එකක් ගන්න. කොහොමහරි වටේම ඉන්න යාළුවන්ට කරදර කරලා වාහන සේල් ගානේ කරක් ගහල අම්මගෙන් ලෝන් එකක් ගහල ඔන්න ඉතින් මමත් වාහනයක් ගත්තා. කොහොම වුනත්  මගේ ගැනයි පාරේ යන අනිත් අය ගැනයි  ලොකු අනුකම්පාවක්  තිබුන නිසා අපේ office අනිත් අය ඉදිරිපත් වුනා මට driving lessons දෙන්න. මොකද මම මොකක් හරි ඇක්සිඩන්ට් එකක් කර ගත්තොත් හොස්පිටල් ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙන්නත් එයාලටම නිසා. ඉතින් පලවෙනි දවසේ ඉස්සෙල්ලම කාර් එකේ office ඇවිල්ලා client කෙනෙක් ගාවට යන්න සෙට් වුනා. අපේ බෝසුත් ඉතින් අනුකම්පා කරලා මත එක්ක client visit කරන්න එන්න කැමති වුනා. කොහොමහරි පැයකින් යන්න පුළුවන් ගමනට පැය දෙක හමාරක් විතර වියදම් කරලා අපි දෙන්නා අපහු එනවා. යන ගමනේත් එන ගමනේත් අපේ බොස් එයාගේ ජීවිත කාලෙම වාහන පැද්දා වගේ මට උපදෙස් දෙමින් තමයි ආවේ.  මේ එහෙම හම්බවෙච්ච උපදෙස්වලින් කොටසක්.

"වාහනේ driver සීට් එකේ ඉන්න කෙනාට තමයි කඩවල් වල එළවළු තියනවද බේකරියේ පාන් පරණද, පාරේ දෙපැත්තේ තියන කඩ මොනවාද කියල පෙන්නේ...එත් driving කරන කොට පෙන්නේ පාරේ වලවල් තියනවද ඉස්සරහ වාහනේ කවුද එළවන්නේ පිටිපස්සේ එන මනුස්සය හෝන් ගහන්නේ මොකද කියල..."
" ඉස්සරහ වාහනේ එළවන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියල හරියටම අනුමාන කරන්නේ කොහොමද"
"පිටිපස්සෙන් එන මනුස්සයා උඩ නැගගෙන හෝන් කරත් ඇහුනේ නෑ වගේ cool එකේ යන්නේ කොහොමද"
"බසුයි කාරුයි overtake කරද්දී තියන වෙනස මොකද්ද? "

ඉතින් ඔය උපදේශ වලින් කන පුරුවාගෙන වාහනෙත් හප්පා ගන්නේ නැතිව අපි කොහොම හරි හවස් වෙද්දී office ළඟටම අවා. හොඳම උපදේස හම්බ වුනේ අන්තිමට..
"මෙහෙමයි රූ, ඔයා හොඳට drive කරනවා හොඳ රියදුරෙක් වෙන්න පුළුවන්. එත් එක දෙයක්, පාරේ වලවල් මැදි කරලත්  වාහනේ ගන්න පුළුවන්  "

ප/ලි 
"හොයාගෙන ගිහිල්ල වාහනේ වලවල් වලට දාන  පුරුද්ද තාමත් මට තියනවා කියලයි රූ මහත්තයා නම් කියන්නේ" 

3 comments:

  1. අපෝ නෝනලා වැඩියෙන්ම දක්‍ෂ වාහන පදවන්න නෙමේ, උපදෙස් දෙන්නයි!

    ReplyDelete
  2. @කතන්දර,
    හ්ම්..මාත් ඔය කථාව අහලා තියනවා.
    වාසනාවකට රූ මහත්තයා නම් මම උපදෙස් දෙන එක ගැන මොකුත් කියන්නේ නෑ.

    ReplyDelete
  3. වාහන ඩ්‍රයිවින් කරනවට වඩා අමාරු වැඩේ තමයි ඔය උපදෙස් අහගෙන ඉන්න එක.

    ReplyDelete