Friday, September 30, 2011

Anna Swelungs : ලැප්ටොප් දීමනාව

Anna Swelungs කියලා ඔයාලගේ email inbox එකේ හෙව්වාම අනිවාර්යෙන් මේ වගේ ස්පෑම් ඊමේල් අඩුම ගනනේ 4-5 ක් වත් හොයාගන්න පුළුවන් වේවි. තවත් ටිකක් බලාගෙන ගිහාම ඔයාලත් මේ මේල් එක ආපහු යාළුවන්ට යවලත් ඇති. 
ඒ වුනට මෙහෙම ලැප්ටොප් හම්බ වුනු කෙනෙක් දැකලා තියනවද? අඩුම ගනනේ අහලාවත් තියනවද?


මට ආපු මේල් එක මෙන්න.


ඉතින් සුපුරුදු පරිදි යාළුවන්ට මේක යවන්න කලින් මම මේක google search කලා. 
එතකොට තමයි තොරණෙ ඇත්ත විස්තරේ හම්බ වුනේ. 
මේක මම කොපි කරගත්තෙ Ericsson site එකෙන්.http://www.ericsson.com/article/faq_914590152_c


මේ පෝස්ටුව දැම්මෙ මේ මේල් එක ගැන විතරක් නෙවෙයි. සමහර වෙලාවට අපිට forward කරන්න කියලා එන හැම මේල් එකක්ම පොඩ්ඩක් හොයල බලලා යවනවද නැද්ද කියලා තීරණය කරන්න.


සමහර වෙලාවට පොඩි ළමයින්ව හොඳ කරන්න ආධාර ඉල්ලලා අපි අහලවත් නැති රටවල්වල ඊමේල් ලැබෙනවා. මම මේ ළඟදි ඒවගේ ඊ මේල් එකක් ගැන හොයලා බැලුවහම ඊමේල් එක හුවමාරු වෙන්න පටන් අරන් තියෙන්නෙ 2000 වසරෙදි. ඒ කියන්නෙ ජීවත් වෙලා ඉන්නවනම් අවුරුදු 11 වෙන ළමයෙක්ට තමයි අපි තාම ආධාර කරන්නෙ. !
මීට පස්සෙ මේ වගේ email,FB status copy කරලා යවන්න කලින් google කරලා පොඩ්ඩක් චෙක් කරලා හිටියානම් හොඳයි. 
මේ වගේ දේවල් වල ඇත්ත හොයලා දෙන  site කිහිපයක් තමයි මේ.
http://urbanlegends.about.com/
http://www.hoax-slayer.com/
http://www.sophos.com/


7 comments:

  1. මටත් අලකලංචියක් වෙච්චි...!
    අපි රිජිස්ටර් වෙලා ඉන්න ජොබ් සයිට් එකක් හරහා ජොබ් ඔෆර් එකක්...
    ඔක්තොම්බර් 30 ට කලින් වැඩ භාරගන්නලු...
    Rapid Petroleum කියන කොම්පැණියෙන්... පඩි විස්තරත් දාලා...මට කරන්න තිබ්බේ එවාපු ලියුම අස්සන් කරලා ආපහු යවනා එක විතරයි...
    ඒකේ යට තියනවා වීසා පහසුකම සඳහා අහවල් කෙනා අමතන්න කියලා... නිකමට ඒ අහවල් කෙනාගේ නම ස‍ර්ච් කලහම වැඩේ ස්පෑම්... මුන් ජොබ් සයිට් වලට ගිහින් මිනිස්සුන්ගේ විස්තර ඔක්කොම සොයාගන්නවා... මම කම්ප්ලේන් එකකුත් දම්මා... ඒ ජොබ් සයිට් එකට ඒ පාර..

    ReplyDelete
  2. @තිස්ස,
    සමහර වෙලාවට හදිසි වෙන්නෙ නැතිව පොඩ්ඩක් හොයලා බලලා වැඩ කරන එක නුවණට හුරුයි.

    ReplyDelete
  3. හප්පේ එක පාරක් මාත් අනුනවයෙන් බේරුනා. වෙලාවට ක්‍රෙඩෙට් කාඩ් තිබුනේ නැත්තේ... තිබ්බනම් මට වැලේ වැල් නැතිවෙනවා.

    ReplyDelete
  4. හෆොයි මට නම් මේ වගෙ එන මේල් කියවන්නෙම නැහැ..කුනු කූඩයට ඔබනව ! හැබැයි එක සැරයක් ඇත්තටම යාළුවෙක් එවල තිබුනු ඔෆර් එකකුත් ඒ වගෙ කියල හිතලා විසි කරලා ඒ චාන්ස් එක මිස් උනා !

    ReplyDelete
  5. @ප්‍රසන්න86k,
    මමත් ක්‍රෙඩිට් කාඩ් ලින්ක් කරා නම් අපේ රටේ ණය බර තවත් වැඩිවෙනවා. කරලා තියන වැඩවල හැටියට

    @weni,
    මම ගොඩක් වෙලාවට යාළුවො එවන මේ වගේ මේල් google කරලා විස්තරේ හොයාගෙන ආපහු රිප්ලයි කරනවා.(පොඩි නොන්ඩියක් එක්ක)

    ReplyDelete
  6. අම්මෝ ඔය වගේ මේල් සෑහෙන්න එනවා. ඒවගේම තමා මිබිටෙල් දීමනාවක් කියලා මටත් හමදාම මේල් එකක් එනවා. එපා වෙනවා.

    ReplyDelete
  7. @මධුරංග,
    සමහර වෙලාවට unsubscribe කලත් එන එක නවතින්නෑ. එපා වෙනවා තමයි. ඊට හපන් යාළුවොත් ඒවම ෆෝවඩ් කරන එක.

    ReplyDelete