ජීවිතය හරි කෙටියි. කොච්චර කෙටිද කියනවා නම් ට්‍රැෆික් ජෑම් වල හිරවෙලා ඉන්න;එපා කරපු ඔෆිස් වල වැඩ කරන්න; හරියට ප්ලෑන් නොකරපු ෆ්ලැට්වල ජීවිත් වෙන්න; හුළං පොදක්වත් වැදෙන්නැති ක්ලෙස්ට්‍රොෆෝබික් කඩවල්වල ශොපින් කරන්න. පාකින් ස්පේසස් වලට පොර කන්න;නිරුවත් දෙපා වලින් තණ බිම් වල ඇවිද නොයන්න;වතුර හිරවෙලා ඩෙංගු හැදෙයි කියන බයට වැස්සට ශාප කරන්න;
කොටින්ම කියනවා නම් ජීවයක් නැති තැන් වල ජීවත් වෙලා ජීවිතේ නාස්ති කරන්න බැරි තරම් ජීවිතේ හරිම කෙටියි.
එනිසා හැම මොහොතෙම ජීවතය විඳින්න.
කොටින්ම කියනවා නම් ජීවයක් නැති තැන් වල ජීවත් වෙලා ජීවිතේ නාස්ති කරන්න බැරි තරම් ජීවිතේ හරිම කෙටියි.
එනිසා හැම මොහොතෙම ජීවතය විඳින්න.
ප/ලි:
අද උදේම පත්තරේ කියවද්දි දකින්න ලැබුනු දැන්වීමක්. T-20 වල නිල අනුග්‍රහට දක්වන HomesteaD සමාගමෙන් නිර්මාණය කරලා තිබුනු මේ දැන්වීම බෙදාගන්න වටිනවා කියලා හිතුනා..
හරිම වටිනා දැන්වීමක්!!!
ReplyDeleteමේ කියන්නේ ජීවිතය විඳින්ට ක්‍රිකට් බලන්ට කියලත් වෙන්ට ඇතිනේ...
අනිවාර්යෙන්ම බලනවා. දැන්ම ඉඳන් රෑට ලෑස්තිවෙමින්...:D
ක්‍රිකට් ගැන නම් මොකුත් තිබුනෙ නෑ පොඩ්ඩි..බ්‍රෑන්ඩින් කියන්නෙ මේකට වෙන්නැති...
Deleteමම මේවට උත්තර දෙන්න ගොඩක් පරක්කුයිනේ..සමාවෙන්න..
WELL SAID... ඔව් ඇත්තටම ජීවිතේ කියන්නේ විඳින්න ඕන දෙයක්... පොඩි හරි ඉඩක් ලද විටෙක කාර්යබහුල ලෝකෙන් බැහැර වෙලා සුන්දර ගැමි වට පිටාවකට ඇවිත් නිස්කලංකේ පැය කීපයක් හරි අවම වශයෙන් ගත කරන්න පුළුවන්නම් හිතට මහා චමත්කාරයක් දැනෙනවා... අත්දැකීමෙන් කියන්නේ (දැනුත් මම ඒවන් තැනක ඉන්නේ)
ReplyDeleteඒ අතින් නම් ඔයා වාසනාවන්තයි..ම්...ගැමි පරිසරයක නගරයේ සුව පහසුව එක්ක ජීවත් වෙන එක අපි හැමෝගෙන හීනයක්නේ ඉතින්..
Deleteඒත් මේ දැන්වීමෙන් කියන්නෙ තමන්ට ලැබුන දේ ගැන සතුටින් විඳින්න කියලයි මට හිතෙන්නෙ..
කොහොමද ඕක කරන්නේ? ඒකනේ රූ තියෙන ප්‍රශ්ණේ... මාත් මේ හිටියට බලන් ඉන්නේ කවදද ගෙදර යන්නේ කියලා... ගෙදර ගිය දවසට විතරයි යන්තම් ජිවිතේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ...
ReplyDeleteඔයාට තියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියනවා මම හිතන්නෙ..
Deleteඒත් අපි ජීවත් වෙන හැම වෙලේම අපිට ලැබුන දේවල් ගැන අපිටම ස්තුතිවන්ත වෙමින් ජීවත් වෙන්න පුළුවන්නම්...
ඒ උනාට මැච් බලන්ඩ එන්න වෙන්නේ නෑ...
ReplyDeleteමැච් එක නේද? අයියෝ අපි පරාදයිනේ..!!
Deleteඒත් කමක් නෑ තව එකකින් දිනුවාම දැනෙන සතුට වැඩියිනේ..
අද කියෙවුව හොදම පොස්ට් එක. මම මාරම කැමති.
ReplyDeleteස්තුතියි මාදාරා..
Deleteඔයා අදද මන්දා මේ පැත්තෙ ආවෙ..කොහොම වුනත් සාදරයෙන් පිළිගන්නවා හොඳේ...
බලාපොරොත්තුවක් විතරයි!
ReplyDeleteබලාපොරොත්තුවෙන් යථාර්තයට..
DeleteHope to reality..!
ක්ලෙස්ට්‍රොෆෝබික් තේලුනේ නෑ.. ඒත් අදහස නම් වටී.. ආ.. මේ නොකියා කියන්නෙ මැච් බලන්න කියලද?
ReplyDeleteඅර CSN රෙද්ද පේන්නෙ නෑනෙ..
මැච් බලන්නද කියලා නම් මට වැඩි තේරුමක් නෑ..මේ කොම්පැනිය වාස්තු විද්‍යා කොම්පැනියක් නිසා ගෙවල් හදාගන්න කියලා වෙන්නැති..
Deleteක්ලෙස්ට්‍රොෆෝබික් කියන්නෙ වැහුන තැන්වලට තියන භීතිකාව..
නියමයි!
ReplyDeleteතැන්කූ..තැන්කූ..
Deleteනිර්මාණශීලී දැන්වීමක්. ජීවයක් නැති තැන්වල හිරවෙවී නාස්තිකරන්න කාලයක් නෑ තමයි. ජීවිතේ ඇත්තටම අපි හිතනවට වඩා හරිම කෙටියි තමයි. ඉස්සරට වඩා දැන් දැන් දවස් ගෙවෙන වේගේ වැඩිද මන්දා..
ReplyDeleteම්..පැතුම් සතුටින් ඉන්න නිසා වෙන්නැති දවස් ගෙවෙන වේගෙ වැඩි..
DeleteBilly Ocean ගේ සින්දුවක් තියනවා
ReplyDelete"there's beauty up above...
and things we never take notice are..
you wake up suddenly... and you're in love.."
ම්..සහතික ඇත්ත නෙව බිලි ඕෂන් කියලා තියෙන්නේ.:D
Deleteඒක නම් ඇත්ත....
ReplyDeleteම්..එහෙම කියලා බෑ..අපි උත්සාහ කරන්නත් ඕන මාළු..
DeleteEasier said than done!
ReplyDeleteමේ විදියට අපි සහ මැදපෙරදිග වගේ රටවල් වලට වෙලා කට්ට කන ඔක්කොම ගෙදර එන්න ඕනෙ. වැඩේ පටන් ගන්න නම්. ඊට පස්සෙ මාසෙකින් දෙකකින් විතර වෙන දේ ගැන කියලා වැඩක් නෑනෙ.
මම ඕක වෙන විදියකට කරනවා. මම මට නීරසයි කියලා හිතෙන පොත්, චිත්‍රපට වගේ දේවල වලට කාලය නාස්තිකරන්නෙ නෑ, කවුරු ඒවා හොඳයි කියලා කිව්වත්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම හිතන්න ඩූඩ් කරන විදිහ තමා හරි කියලා මටත් හිතෙන්නෙ..
Deleteතමන්ට වෙනස් කරන්න බැරි දේවල්වලට ශාප කරන්නැතුව තමන්ගේ පාලනයේ තියන දේවල් තමන්ට කැමති විදිහට වෙනස් කරගෙන ජීවත් වුනොත් හැම මොහොතම ජීවිතය විඳින්නට ඇහැකි...
බොහොම අපූරු නිර්මානාත්මක දැන්විමක්
ReplyDeleteමමත් එකඟයි..
Deleteකාලෙකට පස්සෙ මේ වගේ එකක් දැක්කෙ..
බොහොම වටිනවා...
ReplyDeleteඇත්තටම මම සතුටුයි දැන් මේ ගෙවන ජිවිතේ ගැන. ට්‍රැෆික් ජෑම්, හුස්ම ඇහිරෙන තැන් මේ පළාතේ නැති තරම්. මම ඉන්නේ හරිම නිස්කලංක පැත්තක නිසා. ලංකාවේ හිටපු කාලෙත් එක්ක බලනකොට මට බය හිතෙනවා ආපහු ලංකාවට ඇවිත් ඉන්න පුළුවන් වෙයිද කියලත්. එච්චරට එපා උනා කොළඹ රස්සාව කරපු ඒ මාස කීපය.
Deleteසයුරිට එහෙම හිතුනට මම නම් දැන් කොළඹට පුරුදු වෙලා..ට්‍රැෆික් ජෑම් එකකට වෙලා සින්දුවක් දෙකක් ඇහුවෙ නැත්නම් නිකම් හරි නෑ වගේ..
Delete:D
වටිනා පණිවිටයක් රූ! ඕකට මම කියන්නෙ ජීවිතය විඳින්න එය විඳවන්න එපා කියල.
ReplyDeleteහරියට හරි ගිම්..විඳවන්න නෙවි ජීවත් වෙන්න ඕන..
Deleteහැමෝද විඳින්න කැමතියි. ඒත් විඳින්න අවස්ථාව නැති හින්දයි ඔව වගේ දැන්වීම් එන්නෙ.....
ReplyDeleteමම නම් හිතන්නෙ විඳින්න කිව්වට විතරක් මදි, විඳින්න පුලුවන් ක්‍රමවේදය පෙන්වීමයි වැදගත්.
ජීවිතේ එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් නිසා විඳින ක්‍රමේත් වෙනස් වෙනවා නේද බුද්ධි..
Deleteඒත් අපි හැමෝම අඳුරට සාප කර කර ඉන්නවට වැඩිය පුළු පුළුවන් විදිහට ඉටිපන්දමක් විදුලිබබුලක් ඔක්කොම බැරිනම් හුළු අත්තක් පත්තු කරන එකයි වැදගත්..
ඇත්ත තමා.විදන්න එපැයි ජීවිතේ.
ReplyDeleteසහතික ඇත්ත..
Deleteස්තුතියි ධම්මික මේ පැත්තෙ ආවාට..
ජීවිතේ විඳවලා මැරෙන මොහොතේ තමන් මොකද කළේ කියලා හිතලා පසුතැවෙන්නේ නැතුව ජීවිතේ විඳින්න ඕනේ.....
ReplyDeleteපසුතැවෙන්න තියන දේවල් අඩු කරගෙන හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙන්න පුළුවන් නම් වටිනවා හසිත..ඒක ඇත්ත..
Deleteඇත්තටම වටිනව
ReplyDeleteසමහර වෙලාවට අපිටම මේක අමතක වෙන එකනෙ වැඩේ කස්සා..
Deleteජීවිතේ සුන්දරත්වය විඳින්න නම් පැහැදිලි මනසක් තියෙන්න ඕනෙ නේද රූ. නිදහස් මනසින් ලෝකෙ දිහා බැලුවහම හැම දේම පේන්නෙ සුන්දරව. ජීවිතය තියෙන්නෙ විඳින්න. විඳවන්න නෙමෙයි. උපෙක්ෂාවෙන් දෙයක් විඳගත්තාම හරි.
ReplyDeleteම්..චන්දි හරිම ලස්සනට පෝස්ටුවෙන් කියලා තියන දේ කැටි කරලා කියලයි මට හිතෙන්නෙ..ස්තුතියි අපූරු අදහසට..
Deleteඅදයි මේ පැත්තට ගොඩ වුණේ!:)
ReplyDeleteපොස්ටුව දැක්කම මතක් උනේ ලේඛකයෙක් කියපු කතාවක්.ලේඛකයාගේ නම නම් මතක නෑ!ඔහු කියල තියෙනවා
"මම කැමතියි හොඳ දේ සහ නරක දේ කියන දෙකම කියවන්න එත් මට තියෙන්නේ කෙටි කාලයයි"කියල.මෙතනටත් ඒක අදාලයි කියල හිතනව!:)
ම්..මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා නුවන්..
Deleteස්තුතියි සරු අදහසක් එක් කලාට..
ඇත්ත.. මේ ජීවිතේ කෙටියි..
ReplyDeleteකෙටි කාලෙත් අපි දුක් විඳිනවා නම් ජීවිතේ තේරුම මොකද්ද නේද මලේ...
Deleteහරිම වටිනා, හොද දැන්වීමක් අක්කෙ!!
ReplyDeleteම්..ලොකු තේරුමක් තියනවා හිතූ..කාලෙකට පස්සෙ දැක්කෙ..
Deleteහැම තත්පරයම ! ඔව්...
ReplyDeleteමමත් අත් දෙකම උස්සනවා එකඟ වෙන්න..:D
Deleteඅපි තාම ජීවත් වෙනවා... කෝ මෙවට උත්තර!
ReplyDeleteපස්වාන් දහසකට සමාවෙන්න යාළුවේ..
Deleteහැම තත්පරේම ජීවත්වෙන්න ගිහාම බ්ලොග් එක ටිකකට අමතක වුනා..
දවසක මියැදෙන මේ ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් තව කෙනෙකුට/සමාජයට කරදරයක් නොවී ගත කරන්න උත්සාහ කරන්නෙ කීයෙන් කී දෙනාද...
ReplyDeleteවටිනා අදහසක් එකතු කලාට ස්තුතියි සිරා..
Deleteරූ සිරි දුටුවා මන්.
ReplyDeleteසාදරයෙන් පිළිගනිමි..
Delete