මෙහෙම ආහාර වලට එකතු කරන විවිධ ආකලන (additives) මේ E අංක යටතේ පෙළ ගස්වා තියෙන්නෙ යුරෝපයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආයතනය මගින්. මෙවන් ආකලන වර්ග කර ඇත්තේ මෙහෙමයි.
- E100–E199 (වර්ණක)
- E200–E299 (පරිරක්ෂක/සංරක්ෂක ද්‍රව්‍ය)
- E300–E399 (ප්‍රතිඔක්සිකාරක)
- E400–E499 (ස්ථායිකාරක)
- E500–E599 (ආම්ලිකතාව පාලන ද්‍රව්‍ය)
- E600–E699 (රස උද්දීපන)
- E700–E799 (ප්‍රතිජීවක)
- E900–E999 (වෙනත්)
කඩවල් වලින් මිලදී ගන්න සකස් කරන ලද ආහාර වල (Processed Foods) අඩංගු ද්‍රව්‍ය ලිස්ට් එකේ මේ අංක බොහොමයක් දැක ගත හැකියි. ස්වාභාවික මෙන්ම කෘතිම ද්‍රව්‍ය අඩංගු මෙම ආකලන සමහරක් ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරන බව සොයා ගෙන තියනවා. මෙම අහිතකර බලපෑම දක්නට ලැබෙන්නේ අධික ලෙස පරිභෝජනයෙන් පමණක් බව පෝස්ටුව කියවන්න ඉස්සෙල්ලා මතක තියා ගන්න.
රස වෙසින් එන වස බොජුන් සමහරක්
කහ පැහැ වර්ණකය ලෙස භාවිත කරන E102 සමහර රෝගී තත්ත්ව උද්දීපනය කරන බව සොයාගෙන ඇත. එබැවින් 2010 සිට සමහර E102 වර්ණක ආහාර සඳහා භාවිතය පාලනය කර ඇත.
ඇදුම, ආමාශ ප්‍රදාහය, වකුගඩු රෝග, පිළිකා ආදී රෝගී තත්ව මෙය භාවිතයෙන් ඇති වීමට ඉඩ ඇති බව සනාථ කොට ඇත.
Tertiary Butyl Hydro Quinine -TBHQ (E319)
ප්‍රතිඔක්සිකාරකයක් ලෙස භාවිත වන මෙම රසායනිකය ඇරොමැටික කාබනික සංයෝගයකි. ආහාර කල් තබා ගැනීමට උපකාර වන මෙහි සාන්ද්‍රණය සීමා කොට ඇත්තේ අධික පරිභෝජනයෙන් ජානවලට හානිවිය හැකි බැවිනි. වර්ධන සංකූලතා, ස්නායු ආබාධ, වකුගඩු උදර ආබාධ ඇති කරන බවද සොයාගෙන ඇත. එමෙන්ම පිළිකාකාරක බවද පරීක්ෂණ මගින් හෙළි දරව් වී ඇත.
Sodium Nitrate (E252)
ආහාර කල් තබා ගැනීමට, මස් වර්ගවල වර්ණය නොනැසී පවත්වා ගැනීමට භාවිතා වන මෙය ලවණ වර්ගයකි. අධික උෂ්ණත්වයට රත් කිරීමේදී මස් වල ඇති ප්‍රෝටීන සමඟ ක්‍රියා කොට පිළිකා කාරක සංයෝග සාදන බව සොයාගෙන ඇත. අධික පරිභෝජනයෙන් ඇල්ෂයිමර්,පාකින්සන් වැනි ස්නායු රෝග උද්දීපනය කරන බව පරීක්ෂනවලින් සනාථ කොට ඇත.
Trans Fatty Acid
එළවළු තෙල් හයිඩ්රජනීකරණය වීමේදී ඇතිවන මෙම සංයෝගය කොලෙස්ටරෝල් වැඩි කිරීමට, පිළිකා ඇති කිරීමට හේතු විය හැකි බව සොයාගෙන ඇත. අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකරනය කරන ලද තෙල් වර්ග භාවිත කර නිශ්පාදනය කරන බේකරි නිශ්පාදන කල්තබා ගැනීම පහසු බැවින් මෙම සංයෝගව බහුලව ආහාර වල දක්නට ඇත.
මීට අමතරව වෙළඳපලින් ආහාර මිලදී ගැනීමේදී පහත සඳහන් E නොම්මර පිළිබඳවත් සැලකිලිමත් වන්න.
E102, E110,E122,E123,E124,E127,
E129,E131,E133,E142,E151,E153
E154,E155,E210,E224,E226,E227,
E228,E232,E,249,E250,E251,E252,
E284,E285,E319,E320,E321,E512,
E621,E942,E954
ප/ලි.
2011 දෙසැම්බර් 19-24 දිනවල රාජගිරියේ දේශීය ආයුර්වේද වෛද්‍ය ආයතනයේ පැවැත්වුනු “ආයුර් මෙඩිකා 2011“ දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය බැලීමට මටත් වාසනාව ලැබුනා. බොහො තොරතුරු ආයුර්වේද ඇසින් බලා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනාගතයට වගකියන යොවුන් වෙදැදුරන් සමඟ සාකච්ජා කොට මා ආපසු පැමිණියේ හද පිරි සතුටකින්. ඉහත කරුණු සියල්ල ප්‍රසූති තන්ත්ර කෞමාරභත්ය අධ්‍යන අංශයෙන් ලබා දුන් අත් පත්‍රිකාවකින් උපුටා ගැනීමක්.

හෑ බොලේ මේවා ගහල තියෙනවද ගන්න කෑමවල මට මතක නෑනේ වෙනත් කියලා හැදින්නුවේ මොනාද??
ReplyDeleteජාන කේස් තියේද නැද්ද කියලා බලන්නේ කොහොමද කියලත් කියන්නකෝ
දැනුවත් කිරීම ගැන ස්තූතියි අක්කෝ එල ඈ
හප්පේ.. ගත්ත ගමන් කනවා මිසක මේ කියනකම් ඔය අංක තියෙන තැනක් ගැන බැලුවේ නෑනේ...
ReplyDeleteහොඳ ලිපියක්. මම නම් කෑම මිලදී ගන්නකොට ඕවා කියවනවා. උයනවට වඩා රත් කරලා කන කෙනෙක් හන්දා.:D
ReplyDeleteතව සුරංගනා කතා එහෙම නැද්ද?..:)))
ඈ බන් ඕව ගහලනෑනේ අපේ එලෝලු පලතුරුවල..ඒතකොට මක්කයි කොරන්නෙ??
ReplyDeleteඇත්තටම ගෙදර හදන කෑමට වඩා අපි ඔය වගේ කෑම කරන්න ආසයි..
ReplyDeleteඑත් එකෙන් ශරීරෙට වෙන අවැඩ ගැන හිතන්නේ නැහැ..
තව අවුරුදු 20 ක් විතර ගියාට පස්සේ තමයි රගේ තේරෙන්නේ
ඉස්සර ටොපි කනකොට අම්මා බනිනව ඕවා සැකරින් දාලා හදන්නේ ඇට දිරනව කියලා..මම හිතුවේ ඒ කාලේ බය කරන්න බොරු කියනව කියලා.....
ReplyDeleteඔය ස්ථායිකාරක ගොඩක් දාන්නෙ පලතුරු බීම වලට.නැත්නම් පලතුරු කෑලි ටික, ටික වෙලාවකින් බෝතලේ පතුලේ තියේවි.
ReplyDeleteඅපේ රටේ පාවිච්චි කරන ගොඩක් කලරින් වර්ග බටහිර රටවල් වල තහනම්.මොනවා කරන්නද?
ප්‍රොසෙස්ඩ් කෑම වැඩිය ගන්නෙ නැතුව ඉන්නවානම් හොදයි කියලා තමා කියන්න වෙන්නෙ.
හොඳ පෝස්ට් එකක්නෙ. මේවා ඔප්පු කරලා පෙන්නුවෙ නැත්තං අපේ සමහරු පිළිගන්න කැමති නෑ. මේක පෙන්නලා දැං උන්ට හොඳවයින් ටොකු ඇනලම කියලා දුන්නැකි....
ReplyDeleteකාපු බීපුවා මතක් වෙලා බය හිතුනා බොල...
ReplyDeleteඇත්තටම වටින ලිපියක්.. පුළුවන්නම් හැම තැනම ෂෙයා කරන්න (රෑ ගැනත් සදහන් කරලා)..
I'm really glad about you....
ReplyDeleteContinue writing :)
good luck...
පට්ටයි හොදේ.... මගේ දත්....
ReplyDeleteඅපිනම් බය නෑ....
ReplyDeleteහොඳ ලිපියක් අක්කේ...
උදේ හවහා ඔය ලඟින් බස් එකේ ගියාට මට යන්න උනේ නෑ නෙව ප්‍රදර්ශනේ බලන්න.
ReplyDeleteදැන් කන මොන දේ ද අක්කේ වස විසෙන් තොර වෙන්නේ. බත් වලත් ආසනික් නේ !
ගොඩක් වටින ලිපියක් !!!
@ගැමියාගේ පත් ඉරුව,
ReplyDeleteකෑම වල අඩංගු ද්‍රව්‍ය අනිවාර්යෙන්ම ලියලා තියෙන්න ඕනි..ඒක නීතියක් කියලා අහලා තියනවා..ජාන කේස් ගැන නම් මාත් හරියට කියන්න දන්නෑ...
@දිනේශ්,
ම්..යුරෝපා සංගමේ නිසා ඉතාලියෙ නම් මේ ප්‍රශ්නෙ නැතිව ඇති..ඒත් පරිස්සම් වෙන එක හොඳයි..
@පොඩි කුමාරිහාමි,
ම්..අනේ මටත් ඔයා වගේ රත් කරලා කන්න පුළුවන් වුනා නම්...
උයන එක නම් පණ යන වැඩක් අප්පා..කොහොම වුනත් මේවා ගැන හොයලා බලලා කන එක නම් අගය කල යුතු වැඩක්..
ම් සුරංගනා කතාවක් නේද? බලමු බලමු..
@අමිල,
ReplyDeleteඑළොළු පළතුරු වලට මේ E ආකලන එකතු කරන්නෑනෙ..
කාබයිඩ් මිසක්..
@වර්ණා,
ඒක ඇත්ත නගේ..පොඩි කාලෙ මමත් අපේ අම්මත් එක්ක වලි දාගත්තෙ ඒ වගේ කෘතිමව රස කරපු කෑම කන්න..ඒත් අපේ අම්ම එක්ක ඒව කොහෙද?!!
@ඔබ නොදුටු ලොවක්,
අම්මලා හැමදාම හරි නේද?
දැන්නම් Google මල්ලි ඉන්නවනේ මේවා කියලා දෙන්න..
@ඔබ නොදුටු ලොවක්,
ReplyDeleteස්තුතියි මේ පැත්තෙ ආවාට..
@නිසුපා,
ඒක ඇත්ත නිසූ..මේ රස කාරක නැත්නම් සමහර කෑම බීම අපිට ගොඩක් කල් තියාගන්න බෑ..සීමාවක් නැතිව අපි මේවා කන බොන එක තමයි නරක..
@බුද්ධි,
මටත් එහෙම හිතුනා ඒ අත් පත්‍රිකාව දැක්කම...සාක්ෂි ඇතුව ඔප්පු කරාම ඇපත් නෑ..ස්තුතියි මේ පැත්තෙ ආවාට..
@සෑම්,
මීට පස්සෙවත් ටිකක් පරිස්සම් වෙන එක හොඳා..සල්ලි දීලා ලෙඩ දාගන්නැතිව..:)
@මිහිරිය,
ReplyDeleteස්තුතියි..
@රහස් පරීක්ෂකයා,
ස්තුතියි..දත් කිව්වෙ මට තේරුන්නෑ මලේ..
@යාළු මාළු,
හොඳ ළමයා..!!
@මධුරංග,
කලින් කිව්වනම් මම යන දවසට කතා කරනවනේ..මමත් ගියෙ අන්තිම දවසෙ..ආ.. සජීවි සර්ප සංදර්ශනයකුත් තිබුනා..හරි ජොලි..