Saturday, December 10, 2011

කූඹි කන්න කැමති දුඹුරු සීනිද සුදු සීනිද?...

            පෝස්ටුවේ නම මෙහෙම දැම්මට මේ කතාවට කූඹි සමඟ සම්බන්ධයක් නැත. සීනි කියනා හැම විටම මට මතක් වන්නේ දෙක වසර පොතේ අන්තිමට වාගේ තිබූ තාලයට කිවහැකි කවිපන්තියයි. කළුකූඹි රැලක පින්තූරයකින් හැඩවී තිබූ ඒ කවි පන්තිය සති ගණනක් තිස්සේ මතක් කලත් මතකයට එන්නේ නැත. සීනි ගැන කියැවෙන මේ කතාවේ වැල්වටාරම පසෙක ලා අපි මාතෘකාවට බහිමු.
http://chageen.teamchad.org/images/Ants3.jpg
             සීනි ස්ඵටික කාබෝහයිඩ්‍ර ලෙස හැඳින්විය හැකි අතර අප දන්නා පරිදි දුඹුරු සීනි හා සුදු සීනි වශයෙන් දෙවර්ගයක් වේ. දුඹුරු සීනි මිලෙන් වැඩි  අතර සුදු සීනි ලාභය. සීනි දුඹුරු වන්නේත් සුදු වන්නේත් කෙසේදැයි දැන් බලමු.

                සීනි සාදන්නේ උක් ගසේ යුෂ (පැණි) වලිනි. (මීට අමතරව බීට් යුෂවලින්ද සීනි සාදනු ලැබේ. උක් හොඳින් වැවෙන අපේ රට වැනි ඝර්ම කලාපීය රටවල් උක් භාවිතා කර සීනි සාදා ගනිති). හොඳින් පැසුනු උක් ගස්  රෝලර් මෝල් ගනනාවක් අතරින් යවා පැණි පෙරාගෙන එම පැණි සීනි සෑදීමේ ක්‍රියාවලියට භාජනය කර සීනි  ලබා ගනී. උක් පැණිවල මූලික වශයෙන් පවතින ෆ්රුක්ටෝස් (Fructose) සීනි යනුවෙන් හඳුන්වන සුක්‍රෝස් (Sucrose) බවට පත්.කරගැනීමෙ මෙම ක්‍රියාවලියේදී සිදුවේ.

සීනි වල දුඹුරු පැහැයට හා පැණි රසයට හේතු

1. සීනි සෑදීමේ ක්‍රියාවලියේදී  ෆ්රුක්ටෝස් Fructose සියල්ල සීනි බවට පත් නොවීම නිසා බර අනුව 3-6% අතර ප්‍රමාණයක් අපද්‍රව්‍ය  ෙලස පවතී.
2. ෆ්රුක්ටෝස් පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය නිසා සුදු සීනිවලට වඩා දුඹුරු සීනි පැණි රසයෙන් වැඩිය.

දුඹුරු සීනි යනු සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ අතරමැද ප්‍රතිඵලයකි. කෙසේ නමුදු දුඹුරු සීනි ජලාකර්ෂක (hygroscopic)  බවින් වැඩි බැවින් කල්තබා ගැනීම අපහසු අතර මිල වැඩි වීමේ හේතුවද එයයි.

සුදු සීනි සාදන අයුරු

දුඹුරු සීනි බවට පත්කර ගත් උක් යුෂ තවදුරටත් පිරිපහදු කිරීමෙන් සුදු සීනි ලබා ගත හැක. මෙසේ පිරිපහදු කිරීමේදී සිදුවන්නේ දුඹුරු සීනි වල ඇති ෆ්රුක්ටෝස් තවදුරටත් සුක්‍රෝස් බවට පත්වීමයි.  කාබන් ඩයොක්සයිඩ් වායුව තුලින් යැවීමෙන් පිරිපහදු වන දුඹුරු සීනි සක්‍රිය කල කාබන් (Activated Carbon) කුළුණු හරහා යැවීමේන් සුදු වර්ණය (Decolourisation) ලබා ගැනීමෙන් සුදු සීනි බවට පත්වේ.

සුදු සීනි බොහො කර්මාන්තවලට (උදා: සිසිල් බීම, බේකරි) අමුද්‍රව්‍ය බවට පත්වන අතර ලෝකයේ සීනි නිෂ්පාදනය වැඩිම රට බ්‍රසීලයයි.

http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3c/Sucre_blanc_cassonade_complet_rapadura.jpg/645px-Sucre_blanc_cassonade_complet_rapadura.jpg
ප/ලි:
ලංකාවේ සීනි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති විටක කලෙක සිට වසා දමා තිබූ හිඟුරාන සීනි කම්හල නව වසරරේදී ආරම්භ කරන බව දැක ගැනීමට ලැබුනා. කෘෂිකර්මය, කීට විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර රැසක ලාංකීය වෘත්තීයවේදීන් එකට එක්ව ආරම්භ කල උත්සාහයට රූගෙන් සුභ පැතුම්. ඒ එක්කම ලිපියට කරණු දුන් එම කම්හලේ නිශ්පාදන කළමණාකාරතුමාට ස්තුතියි.

ප/ප/ලි
කූඹි දුඹුරු සීනි කෑවද සුදු සීනි කෑවද ලැබෙන කැලරි ප්‍රමාණය බොහො දුරට එක සමාන බව සලකන්න.

ආශ්‍රිත වෙබ් අඩවි:
http://en.wikipedia.org/wiki/Brown_sugar
http://en.wikipedia.org/wiki/Sugar
http://www.sucrose.com/lref.html

16 comments:

  1. මම හිතන් හිටියේ බීට් රූට් වලින් හදන සීනි තමයි ඔය දුබුරු සීනි කියන්නේ කියලා. බැලින්නම් මම වැරදියි නේ බොලේ. අම්මෝ වැරදිලාවත් පැණිරහ කෑමක් හදනකොට දුබුරු සීනි දාන්න හොද නෑ. නැත්නම් දියවැඩියාව හැදෙනවා.

    ReplyDelete
  2. කර්මාන්ත ශාලාව ආරම්භ කරපු එක ගොඩක් හොදයි..
    සෙවණගල සීනී කර්මාන්ත ශාලාවට වුණ දේ නොවෙන්න...

    ReplyDelete
  3. සීනි ගැන නියම ලිපියක් ......
    තැන්කූ වේවා ....
    මම නං දුඹුරු සීනි වලට කැමතිම නැ ......

    ReplyDelete
  4. මම කාලම නැහැ දුබුරු පාට සීනි. කාලම බලන්න ඕනා.

    ReplyDelete
  5. අක්කේ බීට් සිනි මොන පාටද? මං දැකලත් නෑ කාලත් නැහැනේ. ලංකාවේ ගන්න තියේද...?

    ReplyDelete
  6. කූඹියෝ කන්ට කැමති සුදු සීනිලු. මම එක්කෙනෙක්ගෙන් ඇහුවා. :D

    ReplyDelete
  7. @මධුරංග,
    දියවැඩියාව හැදෙන එක ගැන නම් මම දන්නෑ හරියටම කියන්න

    @රහස් පරීක්ෂකයා,
    ම්..අපි බලා ඉමු නේද?

    @පන්සල් හංදිය,
    තැන්කූ මේ පැත්තෙ ආවාට..
    සමහර අය දුඹුරු සීනිවල රහට කැමති නෑ වගේ

    @වර්ණා,
    ගොඩක් කන්න එපා මහත් වෙවි..හික්ස්

    @ගොල්ඩ් ෆිෂ්,
    බීට් සීනිත් අපි දන්න සීනිම තමා...මම හිතන්නෙ පිටරටවල් වලින් එන සීනි බීට් වලින් හදාපුවා වෙන්නෝනැ

    @පොඩි කුමාරිහාමි,
    මම නං ඇහුවෙ කූඹියෙක්ගෙන්..ඔයා ඇහුවෙ මොන කූඹියගෙන්ද?

    ReplyDelete
  8. දුඹුරු සීනි එක්ක මම කෝපි බොන්න ආසයි.. මේ ලගදි තමයි ඒ සිස්ටම් එක අල්ල ගත්තේ.. මාරම රහයි...

    ReplyDelete
  9. සීනි හදන හැටි දැක්කානම් එපා වෙනවා...

    ReplyDelete
  10. @දිනේශ්,
    ඔයාටත් සිස්ටම් එක අහුවෙලා තියෙන්නෙ..ගොඩක් අය තේ කෝපි බොන්න කැමති දුඹුරු සීනි එක්ක තමා

    @නිසූපා,
    ඒක නම් ඇත්ත. මම සීනි කම්හලක් බලන්න ගිහින් තියෙන්නෙ Shutdown කාලෙට. ඒක දැක්කම සීනිත් එපා වෙනවා..

    ReplyDelete
  11. මම නම් හිතන් හිටියෙ දුබුරු සීනි විරන්ජනය කරලා සුදු සීනි හදනවා කියලා
    so2 තමයි පාවිච්චි කරන්නේ කියලා

    ReplyDelete
  12. @පුන්සර,
    විරංජනය කිරීමක් තමයි.SO2ත් එක ක්‍රමයක් තමයි..ස්තුතිය් මතක් කිරීමට..

    ReplyDelete
  13. ඇත්තටම මට ඔය ගැන හිතුණෙම නෑනෙ, කොහොමද සීනි දුඹුරු/ සුදු පාට වෙන්නෙ කියලා. වෙලාවට අක්කා කිව්වේ!

    ReplyDelete
    Replies
    1. හික්ස්..තැන්කූ..කොච්චර ආඩම්බරයිද මෙච්චර දන්න ලහිරුටත් මම මොනවා හරි කියලා දුන්නා කිව්වාම..

      Delete
  14. මම මේ වෙනකල් ම හිතාගෙන හිටියේ ඉස්සෙල්ල සුදු සීනි හදලා ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ටිකෙන්, ටිකේ ...කැටෙන් කැටේ... දුබුරු පාටින් පාට කරනවා කියලා...

    ReplyDelete
  15. ඇත්තම කියනවා නම් මට සීනි කන්න තියනවා නම් මේක මොනවයිද හැදුවෙ කියලත් අමතක වෙනවා..ස්තුතියි මේ පැත්තෙ ආවාට අයිල්යාස්..

    ReplyDelete