Wednesday, April 10, 2013
මුහුදු ලිහිණියා සහ මීයා..
කළු මුහුදු වෙරළ උඩින් පියාසර කරමින් සිටි මුහුදු ලිහිණියෙක් වෙරළේ සිටි මීයකු දුටුවේය. මීයා දැකීමෙන් පුදුමයට පත් ඌ හනිකට අහසින් බිමට පාත්වී මීයාගෙන් මෙසේ ඇසුවේය.
“කෝ තමුසෙගේ පිහාටු?“
එකම භාෂාව කතා නොකල බැවින් මීයාට මුහුදු ලිහිණියා කී කිසිදෙයක් තේරුනේ නැත. එහෙත් තමන් ඉදිරියේ සිටිනා මේ අපූරු සතා දෙස ඌ විස්මිත දෑසින් බලා මෙසේ තමාටම කොඳුරාගත්තේය.
“පව්. මූට මොකක් හරි ලෙඩක් වෙන්න ඕන. බලන්නකො උගේ ඇඟෙන් කැත ලොකු කෑලි දෙකක් එල්ලෙන හැටි.“
තමන්ගේ පිහාටු දෙක දුකෙන් බලා සිටිමින් නිශ්ශබ්ද මීයා දුටු මුහුදු ලිහිණියාගේ හිත අනුකම්පාවෙන් පිරි ගියේය.
“පව්. අසරණයා. මොකෙක් හරි මුගේ පිහාටු පැහැරගෙන ඌව බීරි කරලත් ගිහින් වගේ.“
මීයාගේ යහපත සිතූ මුහුදු ලිහිණියා තම තුඩින් මීයා රැගෙන අහසේ චාරිකාවක් රැගෙන ගියේය.
“අඩුම ගානේ ඌට පාළුව හරි මගෑරෙයිනේ. පව්. පරණ මතකයේ පොඩ්ඩක් හරි ඉන්න පුළුවන් වේවිනේ. “
අහසේ තැනින් තැන මීයාව රැගෙන යද්දී ලිහිණියා සිතුවේය. පසුව පරිස්සමෙන් මීයාව සිටි තැනම තබා ලිහිණියා පියාඹා ගියේය.
මාස කිහිපයක් තිස්සේ මීයා ජීවත් වූයේ අසතුටිනි. ඉතා ඉහලින් පියාසර කැරමින් ලෝකයේ විශාල බව හා ලස්සන දුටු මීයා තමන් දැන් ගතකරන ජීවිතය ගැන දුක් වුනේය.
කාලය ගතවත්ම ඌ තමන් මීයෙක්ම පමණක් බව වටහා ගත්තේ ඒ මී බවට හුරුවිය. තමන් අහස් ගමන නැමැති හාස්කම සිහිනෙන් දුටු මුදු සුවඳක් පමණ ලෙස උගේ සිතේ තැන්පත් විය.
උපුටාගැන්ම: http://paulocoelhoblog.com/2013/04/10/the-seagull-and-the-mouse/
පින්තූරු අනුග්‍රහය: http://pedantia.deviantart.com/art/Mouse-and-seagull-141808893
මී පරම්පරාවේ තුඩ තුඩ රැව්දෙන්න ඇති මී මුත්තාගේ වික්‍රම...
ReplyDeleteඅසතුටත් ඒ විදිහටම පරම්පරාවෙන් පරම්පරාවට ආවද මන්දා..
මොකවුණත් අමුතුම කථාවකි!
මී මුත්තාගේ අසතුට තාම තියෙන්න පුළුවන්ද?
Deleteම්..අමුතු කතාවක් නම් තමයි..
නියම කතාවක්, ලස්සනයි.
ReplyDeleteස්තුතියි මලින්ද..මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්...
Deleteනිකන් පිස්සු වගේ! මොකද්ද මේකේ තේරුම?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ජනතාව පත් කරපු රජවරුත් මෙහෙම කියන එකේ ඔයා කියන එකට මොනවා කියන්නද මන්දා..
Deleteනොයෙකුත් විදිහට හිතන්න පුලුවන් උපමා කතාවක්.. .. මේ දවස්වල නං අපේ රටෙ වෙනස් ආගම් අදහන අයට මෙන්න මේ වගෙ හිතන්නපුලුවන් නම් කියල මට හිතෙනවා. හැමෝම එක වගේ නෑනෙ.. විවිධත්වය බාර අරන් ඒක එකමුතුකමට බාදාවක් නොකරගන්නවා නම් අපේ රට කොච්චර සාමකාමී තැනක් වෙයිද ?
ReplyDeleteමට හිතෙන විදිහට අපේ ජාන වල ඔය කියන සාමකාමී කතන්දරේ නෑ වෙන්න ඇති සරත්..
Deleteනැත්නම් මේ යුද්ධයක් “ඉවර වෙලා“ අවුරුදු 2-3කින් තව එකක් පටන් ගනීවි යැයි..!!
ඇත්තමයි දෙයියනේ ...මාත් දැන් 100% තේරුම් අරන් ඉන්නේ
ReplyDeleteමාත් බ්ලොග් ජීවියෙක් පමණයි කියල...තනිකර මගේ ජීවිත කතාව...
මීයා = silentsahan
ගොඩක්ම ස්තූතියි රූ මට මන් ගැන නැවත මතක් කරලා දුන්නට...
පුදුම තේරුමක් තියෙන කතාවක් ...
ස්තුතියි සහන්..මෙච්චර තමන්ව අඩුවෙන් තක්සේරු කරන්න එපා..කතාව වෙන වෙන විදි වලටත් තේරුම් ගන්න බලන්න..
Delete
Deleteබැහැ බැහැ ඇත්ත වෙනස් කරන්න බැහැ නෙව
හිත වෙනස් කරගත්තට ..මම මීයෙක් මම මීයෙක්
මම මීයෙක් ...
ඔව් මම දැන් මීයෙක් ...
මීයෙක් උනාට කමන් නෑ ගුල් වලට රිංගන්න ගිහින් ගුටි කන්නෙපා !
Deleteමම දඟ වැඩ කරන නරක මීයෙක් නෙවේ . මම හොඳ මීයෙක් . :P
Deleteරූ බලලා ඇති නේද... gods must be crazy ෆිල්ම් එක.
ReplyDeleteඒකෙ අර කලාහාරී පොර ඉස්සෙල්ලම සුද්දිව දැක්කම ඌ හිතනවා ඒ තමයි ඌ දැක්ක අවලස්සනම කාන්තාව කියලා.. ලිහිණියටත් වෙන්න ඇත්හෙ ඕකම තමා..
හිහි...ඕකේ ෆිල්ම් දෙකක් තියනවා :)
Deleteහික්ස්..ඒක ඇත්ත තමයි..එතකොට නම් හිතෙනවා දෙවියන්ට ඇත්තට පිස්සු කියලා...
Delete@සයූ,
මට පළවෙනි ෆිල්ම් එක තරම් දෙවනි එක හිතට ඇල්ලුවේ නැහැ.
අගෙයි අගෙයි.... කාටත් හිතන්න දෙයක් තයෙන කතාවක්
ReplyDeleteඒක ඇත්ත නලින්...
Deleteලොකු දෙයක් මේ පුංචි කතාව ඇතුලේ තියෙනවා.
ReplyDeleteඒක ලොකුද පොඩිද කියලා තීරණය කරන්නේ අපිමයි අසරණයා..පොඩි දෙයක් හරි ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම්..
Deleteකෙනෙක්ට ලබන්න බැරි දෙවල් සුළු කාලයකට දකින්න විඳින්න දීල ජීවිත කාලෙම එයාට අතෘප්තිකර ජීවිතයක් උරිම කරනවට වඩා හොඳයි ඉන්න විදිහටම ඉන්න දෙන එක. කෙටි උනත් අපූරු කතාවක්!
ReplyDeleteතමන්ට ලැබුනු දේවල්වලට වඩා නොලැබුනු දේවල් ගැන දුක් වෙන එක මිනිස්සුන්ගේ හැටියක් නේ..
Deleteඅලි පැටියෙකුයි, මීපැටියෙකුයි යාලු වුනාලු.
ReplyDelete"ඔයාගෙ වයස කීයද?" මී පැටියා ඇහුවලු.
"මට අවුරුද්දයි, ඔයාගේ වයස කීයද?" අලි පැටියා ඇහුවලු.
"මටත් අවුරුද්දයි," කියපු මී පැටියා, "හැබැයි මම හුඟක් කල් අසනීප වෙලා හිටියා," කියලත් කිව්වලු.
උඹ ඔය කොමෙන්ට් වලට දාන කතා මාත් අහලා තියනවා, උඹට නිසි තැනට ඒවා මතක්වෙන එකනෙ වැඩේ...
Deleteඅන්න උඹත් එහෙනම් මම වගේම කතා රසිකයෙක්.
Deleteඑක පොරක් නීති උපදෙස් ගන්න ගියාලු. ලෝයර් පොතක් පෙරලලා බලලා අවශ්‍ය උපදේශය දීලා රුපියල් දාහක් ඉල්ලුවලු.
පොර රුපියල දාහ දීලා කියනවලු, "මමත් ඔය පොත ගත්තා නම් රුපියල් දාහක් ගෙවන්න ඕනෙ නෑනෙ. ඕනෙ වෙලාවක මට ඕනෙ එකක් බලා ගත්තෑකිනේ නොමිලේ. මේ පොත දිගෑරලා බලලා එක වාක්‍යයක් කියලා රුපියල් දාහක් ගෙවන්න උනානේ," කියලා.
"හැක් හැක්, මම ඔය පොත දිගෑරලා බලලා වාක්‍යයක් කිව්වට නෙවෙයි රුපියල් දාහ අය කෙලේ. මේ රාක්කේ තියෙන පොත් වලින්, කොයි පොතේ, කොයි පිටුවෙද ඕක තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එකටයි."
අනිවා උඹ මේකත් අහලා තියෙනවා නේ?
හැක් හැක් හැක්................. එකෙන්ම.
Deleteමේකත් අහලා ඇති ඒත් කියලා දාන්නම්කො, නොදන්න අය වෙනුවෙන්..
Deleteඔන්න පත දන්ත සයිස් නැවක් කැඩුනලු. දන්න ක්‍රම ඔක්කොම කළාලු මේක ස්ටාර්ට් වෙන්නෙම නෑලු.. ලෝකෙ ඉන්න හොඳම ඉන්ජිනේරුවොත් වැඩේට බැස්සලු හරිගියේ නෑලු.. ඔහොම ඉන්නකොට ඔන්න නැවේ අයිතිකාරයට නිව්ස් එකක් ආවා එක වයසක පොරක් ඉන්නවා ඔය වගේ වැඩ වලට කප් ගහපු පොරක් කියලා.. මිනිහා එච්චර ප්‍රසිද්ද නෑලු හැබැයි වැඩ්ඩලු.. වහාම එයාව කැඳවලා වැඩේ බාර දුන්නලු.. කොහොම හරි හදලා දෙන්න, ඉල්ලන ගානක් දෙන්නම් කියලා..
ඔන්න මිනිහා ඇන්ජින් රූම් එකට ගිහින්, හොඳ පරික්ශාවක් කළාලු. අයිතිකාරයත් දැන් පස්සෙන් වැටිලා.. ටිකකින් මනුස්සයා එයාගෙ ආම්පන්න බෑග් එකෙන් පොඩි මිටියක් අරගෙන ඇන්ජිමේ පොඩි ඇණයකට තට්ටුවක් දැම්මලු.. මෙන්න බොලේ බ්රාම්ම් ගාලා නැවේ ඇන්ජිම ස්ටාර්ට් වුනාලු..
සතියකින් අයිතිකාරයට එනවා බිලක් මේ මනුස්සයගෙන්.. ඩොලර් දහ දහක.. අයිතිකාරයගෙ ඇස් උඩ ගියාලු.. ඈ යකෝ මේ පොඩි ඇනැයකට තට්ටුවක් දාන්න ඩොලර් දහ දාහක්.. ? මල පැනලා ඉල්ලුවලු අයිටමස් ඉන්වොඉස් එකක්..
තව සතියකින් අලුත් ඉන්වොඉස් එකක් ආවලු.. මෙහෙමයි තියෙන්නෙ..
මිටියෙන් තට්ටුව දැමීමට ඩොලර් 3.00
තට්ටුව දැමිය යුත්තේ කොහාටද යන්න දැනගැනීමට - ඩොලර් 9997.00
මාමෙ තව එකක්...........
Deleteමේ අන්කල්ලා ටික තරඟෙට කතා කියනවනෙ.. ශෝයි ශෝයි..
Deleteහපොයි උඩ කතන්දරේට වඩා මේ කතන්දර සෙට් එක නැගලා යනවනේ..සෙන්නගේ කතන්දරේ ඇහුවාම මේ කතාව මතක් වුනා..
Deleteදොස්තර මහත්තයෙක් පාටියකදී තමන්ගේ යාළුවෙක් වුනු නීතිඥ මහත්තයෙක් හමුවුනාම මෙහෙම කිව්වලු..
“බලනවකො අයිසෙ,මට මේ අඳුනන අයගෙන් කරදරයි.හැම තිස්සෙම කෝල් කර කර ලෙඩ වලට බෙහෙත් අහනවා. බෑ කියන්නත් බෑ.මේකට මොනවත් කරන්න බැරිද?“
“අයියෝ හරි ලේසියිනේ. බෙහෙත් ගැන කියලා දුන්නට පස්සේ බිලක් යවන්න ගෙදරට. එතකොට වැඩේ හරි“
දොස්තරමහත්තයත් සතුටුවෙලා නීතිඥමහත්තයාට මුව නොසෑහෙන්න ස්තුති කරලා ගෙදර ගියාලු..
දවස් දෙකතුනකට පස්සෙ දොස්තර මහත්තයා ලියුම් ටික බලද්දී අර කියපු නීතිඥමහත්තයා දුන්නු උපදෙස වෙනුවෙන් එවපු බිල ලැබිලා තිබුනලු
කැමති විදියට ගලපගන්න එකයි තියෙන්නෙ ඔන්න ....
ReplyDeleteතොප්පිය හරිගස්සලා දාගත්තා නම් හරි නේද?
Deleteගන්න ආදර්ශ 2ක් තියෙනව වගේ...............
ReplyDeleteඒ දෙක කීවනම්, අපිත් දැනගන්නවනේ.:D:D
Deleteලහිරු කිව්වා වෙගේ ගැලපෙන එක හොයාගන්න තමයි තියෙන්නේ..ස්තුතියි යසිත් මේ පැත්තෙ ආවාටත් කොමෙන්ටුවටත්..
Delete@පොඩ්ඩි,
;P
අපි හැමෝටම ඕනේ මුහුදු ලිහිණියො වෙලා අනිත් අයට අනුකම්පා කරල එයාලට හරි දේ පෙන්නන්න... මීයෙක් වෙන එක කොච්චර අමාරුද..
ReplyDeleteමීයෙක් වෙන්න ඕනද කියලත් හිතෙනවා පැතුම්..ඒත් තමන්ට ලැබුනු දේවල්වලින් සතුටු වෙන්න පුළුවන් නම් වටිනවා..
Deleteමම කැමතියි මේ වගේ දේවල් ලියනවට
ReplyDeleteස්තුතියි..
Deleteමොබයිල් මෑන් නම වෙනස් කරලා වගේ..
මට පේන්නේ සංස්කෘත ගැටුමක් ගැන කියවෙන කතාවක් වගේ. හරියට කෙනෙක්ව තේරුම් ගන්ට නම් ඒ පුද්ගලයා ඉන්න පරිසරය දැක බලාගන්ටම ඕනි. ලෝකය හොඳින් තේරුම් ගන්ට ඕනි. මට තේරුනු හැටි හරිද මන්දා.
ReplyDeleteමේ කතාවෙ වෙනස වෙන්නෙ එක එක අයට මේ කතාව දැනෙන විදිහ වෙනස් නිසයි..
Deleteමට නම් හරියට තේරුනෙ නැ, ආයෙ කියවලා බලන්න ඕන.
ReplyDeleteමේ වගේ කතා ගොඩක් තේරුම් ගන්න එපා රීසා..
Deleteස්තුතියි මේ පැත්තෙ ආවාට..ඔයත් සිසිල බ්ලොග් එකේ මොනා හරි ලියන්නකෝ..
තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙන්න කියලද මේ කියන්නේ?
ReplyDeleteඑක එක විදිහට මේ කතාව බලන්න පුළුවන් කතුවරී..පණිවිඩේ අතෑරියත් කතාව කියවලා හිනා වෙන්න පුළුවන්නේ..
Deleteමෝඩ මුහුදු ලිහිණියෙක්...
ReplyDelete:D
Deleteමේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා තිසර..
කවදත් වගේ හිතන්න යමක් දීලා තියෙනවා රූ නෝනා අදත්. ඕං රූ ඔයාට වගේම ඔයාගේ සමීපතමයෝ හැමෝටමත් සුභ නව වසරක් වේවා කිවුවා සරා.....!!
ReplyDeleteස්තුතියි සරා..
Deleteඔබටත් එසේම වේවා..
මීයව උඩින් අරගෙන ගියේ ඉබ්බව අරගෙන ගියා වගේ ක්‍රමේට ද ?
ReplyDeleteඑහෙම නැත්නම් වෙන ක්‍රමයක් අනුගමනය කලා ද ?
ඉඳලා ඉඳලා “වැදගත්“ ප්‍රශ්නයක්නේ ඇහුවේ...හිතලා බලන්න ඕන..
Deleteලද දෙයින් සතුටු වීමත් තමන් පිළිබඳව තම නැණ පමණින් වටහා ගැනිමත් හොඳයි . රූ ... අපට කියලා දෙන පණිවුඩය එයයි.
ReplyDeleteස්තුතියි දයානන්ද..
Deleteමේ කතාව එක එක පුද්ගලයට සාපේක්ෂ වීම වටිනවා..
සුට්ටි ආදර්ශමත් කතාවක් :)
ReplyDeleteම්..ඒක ඇත්ත..:D
Deleteකතාව තේරුම් ගන්න උත්සාහ කරමින්..
ReplyDeleteහොඳ උත්සාහයක් මලේ..:)
Deleteකතාව කෙටි වුණාට ලොකු දේවල් ගොඩක් හිතාගන්න පුලුවන්නේ. පාවුලෝ කොයියෝ හරි පුදුම මනුස්සයෙක් කියලා නැවත නැවතත් හිතෙන්නේ ඒ නිසාම තමා :)
ReplyDeleteඒක ඇත්ත හසිත..එයාගේ ජීවන දැක්ම අපිට වඩා වෙනස්..
Deleteසමහර තැන් ගැන මගේ සැක සංකා තිබුනත් අදහස් ප්රකාශනය අතින් කොයියෝ ඉන්නේ ලොකු තැනක..
මීයා මොකෝ සාටකයක් දාලා ඉන්නෙ?
ReplyDeleteමෙතන තියෙන්නෙ භාෂා ප්‍රශ්නයක්.. ලිහිණියාගෙ භාෂාව මීයා දන්නෙ නෑ.. මීයාගෙ භාෂාව ලිහිණියා දන්නෙ නෑ.. :) මේ ටික ලියපු කෙනා දැනගත්තෙ කොහොමද කියන එක තමා ප්‍රශ්නෙ.. සමහරවිට දොස්තර හොඳහිත කිව්වා වෙන්ඩ ඇති..
හරීට කියන්න මම දැන් කල්පනා කලේ මේ කතාව එක එක්නෙකාට දැනිලා හිතිලා තියන විදිහ ගැන..
Deleteදැන් ඔයාට මතක් වෙලා තියෙන්නේ මේක කොහොමද මනුස්ස භාෂාවකින් කියවුනේ කියන එකනේ..
ඔබ ඇතුලු පවුලේ සැමටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
ReplyDeleteස්තුතියි සරා දෙවන පැතුමටත්..
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ ඇතුළු සැමට..!
ReplyDeleteස්තුතියි නලීන්..
ReplyDeleteඔබටත් එසේම වේවා..
ස්තුතියි චන්දන ඔබටත් එසේම වේවා..
ReplyDeleteලැබුන දේ ගැන ඕනෙවට වඩා නොහිතන එක තමා හොඳ...
ReplyDeleteඒක ඇත්ත මාළු..
Deleteකෝ සුදා ඔයා ?
ReplyDeleteඔයා කොහෙද ගියෙ ?
මේ දවස්වලට ටිකක් බිසී..ළඟදිම මොනවා හරි ලියන්නම්කෝ..
Deleteඔයාට බබා ලැබෙන්න ඉස්පිරිතාලේ නැවැත්තුවා කියන ආරංචිය උඩ තකහනියේ දුවගෙන ආවේ. සුබ පැතුම් රූ... !
ReplyDeleteදුවෙක්ද පුතෙක් ද ?
මගෙත් සුබ පැතුම් රූ අක්කේ...
Delete@ඇනෝ,
Deleteබලාගෙන දුවන්නේ..ඔළුව හැප්පෙයි...
(දැනටමත් ඔළුව කොහේ හරි වැදිලා වගේ..හ්ම්..!)
මාත් මේ බලාගෙන හිටියේ රූ..මොනවද මේ වෙන්නේ..?
Deleteඑතකොට ඔයා බබෙක් හම්බවෙන්න ඉස්පිරිතාලේ නැවැත්තුවා කියන ආරංචිය බොරු ද ? හපොයි...
Deleteඑතකොට ඔයාට බබෙක් හම්බ උනේ නැද්ද ?
Deleteඇනෝ,
Deleteසිරාවටම ඔළුව හැප්පුනාද?
@සහන්,
ගණන් ගන්න එපා සහන්..ඉදලා හිටලා කවුරුහරි බයිට් වෙන්නත් එපැයි..:)
මට ඔයාගේ යාළුවෙක් තමා කිව්වේ ඔයාට බබෙක් ලැබෙන්න හිටියා කියලා.
Deleteබැඳලත් අවුරුදු දෙකකට වැඩි එකේ මාත් හිතුවා ඒ කතාව ඇත්තයි කියලා. ඇයි ඒ යාළ්ය්වා ඔයා ගැන එහෙම බොරුවක් කිව්වේ ?
මට තේරෙන්නේ නෑ රූ !!
This comment has been removed by a blog administrator.
ReplyDeleteකෝ මගේ කමෙන්ට් ?
ReplyDeleteඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.
ReplyDeleteඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.
අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.
ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.
( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )
මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
Deleteලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
ඒ නිසා මේ ප්රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
එච්චරයි..
මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !
රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....
Deleteඇනෝ කමෙන්ට් කරුවනි.
ReplyDeleteමින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.
ඇනෝ අයිතීන් සුරකිමු ! නිදසක් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !
නිකන් බොරු ලින්ක් දාලා කතාව වෙන පැත්තකට හරවන්න එපා කකා.
ReplyDeleteඅපි Ex-Girl Friend ගැන විතරක් නෙමේ. කකා ඒඉව මීට් වෙන්න ගිය දවසුත් හොයාගෙන ඉවරයි. ඒ විතරක් නෙමේ කකා එකිත් එක්ක හුරතල් වෙන වීඩියෝ එකකුත් අපි ලඟ තියෙනවා. තාම ඒවා මාධ්‍යයට නිකුත් කලේ නෑ. දිගින් දිගටම බුද්ධාගමට අපහාස වෙන පෝස්ට් දැම්මොත් ඒවා ජන මාධ්‍ය හරහා රටටම හෙලි කරන්න අපි පසුබට වෙන්නේ නෑ.
මේක අනතුරු ඇඟවීමක් කියලා හිතාගන්න.