“දැන් මේක කියවේවෙ
නැත්තන් අපේ මේ සැරේ සේල්ස් කමිශන් එක නැතිවෙනවද?“
ප්රසන්න ශෆාක්ගෙන්
ඇහුවෙ විහිළුවට වගේ. දවස් කීපයක් තිබුනු අලෙවිකරණ හමුව ඉවර වෙලා අපි හැමෝම ලස්සන
රූෆ්ටොප් ඩිනර් එකකට ලෑස්ති වෙලයි හිටියෙ. ඒ අතරෙ මේ හමුව සංවිධානය කරන්න සම්පූර්ණ
වගකීම දරපු ශෆාක් අපි හැමෝම ළඟට ඇවිත් පොතක් ගානෙ බෙදල දුන්නා. ඉලක්ක, අලෙවිකරණ
උපක්රම, වෙළඳපල ගාහනය (Market
Penetration) ගැන වාද විවාද කරමින්
ගෙවුන පහුගිය දින කිහිපය නිසා ප්රසන්න උඩින් අහපු ප්රශ්නෙ අමුත්තක් මට දැනුනෙ
නෑ. අපි කරන සැලසුම්, සාධනය, වෙළඳපල ආවරණය කියන හැමදේම අවුරුද්ද අන්තිමට හම්බවෙන
කොමිශන් එකට බලපාන බව අපි හැමෝම හිත යටින් දැනගෙන හිටියා. ඉතින් මේ හමුව අලෙවිකරණ
කණ්ඩායමේ අපිට නම් සේල්ස් කමිශන් එක ගැන තියන හමුවක්.
“අපොයි නෑ. ඒත් මේක වෙනස්
පොතක් කියවලා බලන්නකෝ.“
http://gnlogic.blogspot.com |
දවස් ගානක් ගෙවපු ඒ
ලස්සන පූනා (Pune) නගරයෙන් සමුගෙන මම කොළඹ බලා එන්න ගුවන්තොටුපලට ඇදුනෙ ඉන්දියාවෙ අනිත් නගර
කරා යන අනිත් යාළුවන්ට අතවනමින්. ඒ අතරෙ ශෆාක් දුන්න පොත මගේ ඇඳුම් බෑගයේත් මගේ
කියවීම් ලැයිස්තුවෙත් උඩින්ම රැඳිලා තිබුනා.
පෝරස් මුන්ෂි |
කළමණාකරනය ගැන හදාරන ඒ අංශයේ රැකියාව කරන හැමෝම ආදර්ශයට ගන්න පුරුදුවෙලා හිටියෙ මයිකොසොෆ්ට්, ඇපල්,
වොල්මාට් ඉදිරියට ගියපු උපක්රම ඒවා මෙහෙයවපු නායකයින් ගැන. අද දවස වෙද්දි වෙළඳ
ක්ෂේත්රයේ ඉදිරියෙන්ම ඉන්න ඉන්දියානුවො චීන්නු ගැන අපි තාමත් කතා කරන්නෙ නෑ.
ඉතින් ඉදිරි දින
කිහිපයේදි තමන්ගෙ හිතේ තියන තරහව කෝපය රටකට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් තරම්
නිශ්පාදනයකට මුල පුරන්න හැකියාව තිබුනු කුකුල් කේන්තිකාර වරප්රසාද් රද්දි (Varaprasad Reddy) ඔයාලත් එක්ක ඉදිවි.
පළමු කොටසට..
පළමු කොටසට..
ප/ලි
ලබන්නාවූ අළුත් අවුරුද්ද ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අවැසි ශක්තිය සිත තුල පොදි ගැසෙන ලස්සන අළුත් අවුරුද්දක් වේවා..
අයියෝ අද කතාවක් නෑනෙ...
ReplyDeleteකමක් නෑ ඊළඟ කොටසෙ ඉඳලා එන්නම්..
මට තියෙන එක ලෙඩක් තමා කොයි තරම් ඔය වගේ කතා ඇහුවත් ජීවිතේට ඇප්ලයි කරගන්න බැරි එක...
සුභ නව වසරක් වේවා!
Deleteකතාව හෙට පටන් ගන්නවා..ඇවිල්ලම බලන්නකෝ..
Deleteඅහන හැම කතාවම ජීවිතේට ඇප්ලයි කරන්න ගියොත් පිස්සු හැදෙයි හරී..
ඒත් ඒවා අගය කරන්න පුළුවන්නේ..
ඔබටත් සුභම සුභ නව වසරක්..
යහපත් වු පින් සිතිවිලි ම වැඩෙන නව වසරක් වේවා අක්කටත්!
ReplyDeleteස්තුතියි
Deleteඑසේම වේවා මල්ලි..
බලමු කොහොම කතාවක්ද මේ කියලා..
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතමි !!
හෙටත් එන්නකෝ..
Deleteඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් සෙන්නා..
මමත් කැමතියි කුකුල් කේන්තිකාරයන්ට :-)
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා සොයුරිය...!!!
හපොයි..උතුරන කේතලයක් ළග ඉන්නවා වගේනෙ..
Deleteතිස්සටත් පවුලේ හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක්..
චීන්නු ගැනනම් කියවනන්නම්.. ඒත් අපි දැන් ඉන්දියන් ඒවා කියවන්නේ නෑනේ.. :)
ReplyDeleteසුභ අළුත් අවුරුද්දක් අක්කේ...
හික්ස්..ඇත්තටම අපි දැන් ඉන්දියාවත් එක්ක තරහයි නේන්නම්..
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලි..අවුරුද්ද පුරාවට සතුටින් ඉන්න හැකියාව ලැබේවා..
හොඳයි හොඳයි අපි රද්දි එනකල් බලන් ඉන්නම්කෝ.:)
ReplyDeleteඔයාටත් සුබ අලුත් අවුරුද්දක්!!!
ස්තුතියි පොඩ්ඩි..
Deleteඔයාටත් එසේම වේවා..
මම අලෙවිකරණය ගැන නම් මෙලෝ හසරක් දන්නෙ නෑ. බලමු මේකෙන්වත් ඉගනගන්න පුළුවන් වේවිද කියලා.
ReplyDeleteඅනික ඔය අලෙවිකරනය කියන්නෙ මේ අපේ ගෙවීයන ජීවිතම නෙවෙයිද?
අලුත් අලුත් සිතුවිලිවලින් සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා ඔබටත්..
කතාව නම් අලෙවිකරනය ගැන නෙවි..දිගටම එන්නකෝ..
Deleteඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක්..
රූ,
ReplyDeleteකථාව කියවලා කමෙන්ට් කරන්නම්කෝ.
ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා !
ස්තුතියි මේ පැත්තෙ ආවාට..
Deleteකියවන්න කොටස් හතරක්ම තියනවා ඔන්න..
අද තමා කතාව කියවන්ඩ නිවනක් ලැබුනේ. ඉතුරු ටිකත් කියවලාම එන්නම්
ReplyDelete