මෙහෙම හිත හිත ටික කාලයක් ගියා. දරුවකු අරන් හදාගන්න හිතන හැම යුවලකටම සාමාන්‍යයෙන් සිදුවන විදිහටම මේ දෙදෙනාටත් දරු සුරතල් ගැන සුභ ආරංචිය ලැබුනා. මේ ආරංචිය රැජින රජතුමාට කොඳුරමින් කියද්දි රජතුමා මෙහෙම ඇහුවෙ සතුට දරාගන්න බැරිව.
“හපොයි මේක කොහොමද වුනේ“
“ඔහේ දන්නේ නැත්නම් මේ ලොව කිසිම කෙනෙක් මේක වුනු විදිහ දන්නේ නෑ“ කියලා රැජින සවුත්තුවක් දාලා පිළිතුරු දෙද්දී වුනත් රජතුමා ප්‍රීතියෙන් ඉපිල යනවා.
http://www.disneyclips.com |
“මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේ දරුවා කුමාරිකාවක් නොවී කුමාරයෙක් වෙන්නත් අපි රජ වෙන්න සුදුසු කුමාරයෙක්ගෙන් ප්‍රාර්ථනා කරන හැම සුදුසුකමම තියෙන්න් කියලා මොකද මේවගේ දෙයක් දෙවනි සැරේටත් කරන්න මට පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ.“
“සොඳුරිය, අපි ඒ ගැන කරන්න පුළුවන් හැම දේම කරමු. අපි රාජධානියේ සිටින සියළුම සුරංගනාවන්ට කුමාරයාගෙ බෞතීසමෙට එන්න කියලා ආරාධනා කරමු. එයාලා කුමාරයා නිර්භීත, කඩවසම් ලස්සන කොනක් කිරීමේ වගකීම ගනීවි.“රජතුමා ආඩම්බරයෙන් කිව්වා.
“ඔයාට හොඳටම විශ්වාසද?“ බිසව ඇසුවා.
“මම ඊයේ පුරෝහිත හම්බ වුනාම එයා කිව්වෙ ඒක ජීන්ස් වලින් එන දෙයක් කියලා.“
මාකස් රජතුමාට හොඳටම තරහා ගියා.
“ඔයාට පිස්සුද? මගේ දරුවා අර කැලෑවල ඉන්න එවුන් අඳින එහෙන් මෙහෙන් කෑලි එල්න ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනිද? “
http://www.disneyclips.com/ |
“මොනවද ඔය සියුම් ජාන කියන්නෙ? “
“අනේ මමත් හරියටම දන්නෑ. ඒත් අපි හැමෝටම ඒවා තියනවලු.“
“හ්ම්..මම ඔය අපිට තියනවා කියන ඒත් තේරෙන්නැති ජීන්ස්ද බීන්ස්ද කියන බහුබූත ගැන විශ්වාස කරන්නෑ. ඒත් අපි දන්න අපිට තේරෙන සුරංගනාවන්ට මඤ්ඤාවෙන්න කියලා කියන එක විශ්වාසයි. ඒ නිසා ඒක වෙන්නෙ ඒ විදිහට.“
“හරි... හරි... මම හිතනවා ඔයා එක්කෙනෙක්වත් අමතක නොකරයි කියලා. දන්නවනේ එහෙම වුනොත් වෙනදේ? “ බිසව කිව්වා.
“ඔයා හිතනවද මට පිස්සු කියලා..“රජතුමා සිනා වෙමින් කිව්වා.
සුරංගනාවන්ට බෞතිස්ම මඟුල්වලට ආරාධනා කරන්නැතිව සිද්ධ වුනු ගොඩක් අලකලංචි ගැන කතා කන පිරෙන්න රජතුමාත් බිසවත් දෙන්නම අහලා තිබුනා. අර ගෙඹි කුමාරයගෙ කතාව එහෙම මේ රටේ ගොඩක් ප්‍රසිද්ධයි. මෙහෙම මග හැරුනු ගොඩක් අය නපුරු සුරංගනාවො වුනා මදිවට අනාරාධිතවම උත්සවේට ඇවිත් සාප කරලා අර අසරණ කුමාරයගෙ ජීවිතේ අමාරු කරලා දැම්මා. රජවරුන්ටත් මේ විදිහට සුරංගනාවන්ට ආරාධනා කරන්න අමතක වෙන්නෙ කොහොමද කියලා ඔයගොල්ලො පුදුම වුනත් ඒක වගේ දේවල් නිතරම සිද්ධ වුනා.
* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න.
අද මම 1 හුරේ
ReplyDeleteඅනේ මටනම් ඔය අනුමාන කිරිලි දන්නේ නැහැ, මොකද ඔක්කොම අනුමාන කරන ඒවා වරදිනවා හිකිස්.
ReplyDeleteඉක්මනින් ඉතුරු කොටසත් දාමුකෝ , එතකොට වරදින්න හරි අනුමාන කොරන්නම් ,, :)))
මට ටයිට්ල් එක දැක්ක ගමන් හිනා ගියා... හික් ගිනි නැති මකරා.... හැන්ස් ක්‍රිස්ටියන් ඈන්ඩර්සන්ගෙද....
ReplyDeleteඉලඝ පොස්ට් එකෙන් කියන්නම් පැති 3,4ක් හිතන්න ඇහැකි.
ReplyDelete@වර්ණා
ReplyDeleteමොකද මේ හැමදාම එක එක කියලා උඩ පනින්නෙ, මම බ්ලොග් දෙක තුනකම දැක්කා ...
පණු අමාරුව එහෙම තියනවද ....
කතා කීපයක්ම හිතට එනවා. තව ටිකක බලමුනේ පනින්නේ නැතුව.:D
ReplyDelete@Anonymous
ReplyDelete:-D :-D
ලියමු ලියමු ඊළඟ කොටසත් ඉක්මනටම.... ආසයි කියවන්න....
ReplyDelete@වර්ණා,
ReplyDeleteඔයා එක වුනාට මම දෙනවා ලොකූ තෑග්ගක්.. ඒ තමා දිගම දිග ලස්සනම ලස්සන සුරංගනා කතාවක්..තෑගි දිනන්න දිගටම එන්න..හික්ස්
@යාළු මාළු,
හොඳ උත්සාහයක්..හැබැයි සුරංගනා කතා ලියපු එකම එක්කෙනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන් නෙවි..රුසියාව පැත්තෙ පොඩ්ඩක් හොයලා බලන්නකො..
@රහස් පරීක්ෂකයා, පොඩි කුමාරිහාමි,
ඊළඟ කොටස් වලින් ගොඩක් දේවල් හිතාගත්තෑකි..බලමු බලමු,
@මියුරු,
ඔන්න ඊළඟ එකත් දැම්මා.. බලන්නකෝ..මම නම් කැමතියි ඔක්කොම එකට දාන්න ඒත් එතකොට කියවන්න එපා වෙනවනෙ..
@ ඇනෝ,
ඔයාට ඉරිසියයි නේද වර්ණා එක වුනාට කමක් නෑ අනිත් අයට සැනසිලි තෑගි තියනවා.. බයවෙන්න එපා...
@මහිම මදුරංග,
ඇනෝ එක්ක හිනාවෙන්න හරි මේ පැත්තෙ ආවාට ස්තුතියි..
බලමුකෝ ඉතුරු ටිකත් කියවලා ඒ රචකයා අදුන ගන්න...
ReplyDeleteමම මේ කතාව ඔයිට කලින් අහලා තියනවා වගේ මතකයි ....
ReplyDelete@දිනේශ්,
ReplyDeleteම්..තවත් ටිකක් කල් ඉන්න මලේ..මේ කතෘ සුවිශේෂී කෙනෙක්
@පන්සල් හංදිය,
ම්...දිගටම එන්නකෝ..මේක ටිකක් විශේශ කතාවක්..
ඉතුරු ටිකත් ඉක්මනටම කියවන්න ඕනා. මම් ආසම වැඩක් තමා කතා කියවන එක.
ReplyDelete@මධුරංග,
ReplyDeleteතැන්කූ මලේ..
ඔන්න අදයි කියෙව්වෙ
ReplyDeleteහ්ම්ම් ලියමු බලන්න ඊළඟ කොටසත්
ReplyDelete