Sunday, January 15, 2012

පෙරළිය ඇරඹෙන්නේ මිමිනීමකිනි..Change begins with a whisper

             රූ පුංචි කාලෙ බලා ගත්තෙ ඒ දවස්වල ගෙදර නැවතිලා හිටිය අක්කලා. ඒ රූගෙ අම්මා සතියෙ දවස් පහේම වැඩ කරලා ගෙදර එන්නෙ පරක්කු වෙලා නිසා. පුංචි කාලෙ ඉදන්ම අපි දවල් දවසම ගෙව්වෙ එයාලත් එක්ක. එයාලා මාවයි මල්ලිලයි බලාගන්න නැවතිලා හිටියෙ පඩියට කියලා පස්සෙ තේරුම් ගියත් එයාලට අක්කා කියලා කතා කරන්න තමන්ගෙම පවුලෙ කෙනෙකුට වගේ සලකන්න රූ පවුලෙ කවුරුත් පසුබට වුනේ නෑ.
රන් මැණිකා අක්කා, අසෝකා අක්කා, දෙමළ ආච්චි වගේ කටට හුරු නම් වලින් අපි එයාලට කතා කලා වගේම කන බොන දේවල් නිදාගන්න දේවල්වලින් කිසිම අඩුපාඩුවක් කලේ නෑ.මට දැනුනු විදිහට මේ වගේ ‍ගෙදර වැඩ කරන අයට සලකන එක ලාංකීය අපේ පුරුද්දක්. රූ ගෙ යාළු අක්කාකෙනෙක් ගේ ගෙදර වැඩ කරන සර්වන්ට්ගේ කාමරේ ඉස්සර රූගෙ බෝඩිම් කාමරේටත් වැඩිය සුඛෝපභෝගී කියලයි එහෙ ගිය වෙලාවෙ රූට හිතුනෙ.

මේ කතන්දර ගොඩක් හිතට ආවෙ ළඟදි බලපු චිත්තරපටියක් නිසා. ලංකාවෙ සිනමා ශාලාවලට වැරදිලාවත් එයි කියල හිතන්න බැරි සිනමා නිර්මාණයක් වුනාට ඒකෙන් කියවෙන කතාව හරිම තාත්විකයි.

ඇමරිකාවෙ මිසිසිපි ප්‍රාන්තයේ 1960 කාලයේදී කළු ජාතික නිවෙස් මෙහෙකාරියන් වටා ගෙතුන මේ කතාව (The Help) ගැන හිතට දැනුනු දේවල් ගැන කියන්නයි මේ පෝස්ටුව.

සුදු කළු භේදය තදින්ම පැවතුනු මේ කාලෙ මුළු ජීවිත කාලෙම සුදු ළමයින් බලා ගත්තත් එයාගෙ එකම පුතා බේරගන්න බැරිවුනු ඇබීගේ හා කට හොඳ නැති ඒත් රසට කෑම හදන්න පුළුවන් මිනීගේත් ජීවිත කතාව අපූරුවට ඒ සිනමා පටියෙ සිත්තම් වෙලා තිබුනෙ ඒ හා සමකාලීන සුදු කාන්තාවන්ගෙ පිරිමින්ගෙ ආකල්පත් එක්ක එකට මුසුවෙලා. හොඳ නරක දෙක සුදු කළු කියලා හමේ පාටින් වෙන්කරන්න බැරි බව තේරුම් ගත්ත ඉයුජිනියා ස්කීටර් ඇබීගෙත් මිනීගෙත් තවත් මෙහෙකාරියො කීප දෙනෙක්ගෙත් කතාව පොතක පිටු අතරට ගේන්න දරණ සංවේදී උත්සාහය තමා මේ කතාවෙ අාත්මය  වෙලා තියෙන්නෙ.
සිනමා සිත්තමෙන් උපුටා ගත්ත දෙබස් ටිකක් කියන්න හිතුවෙ පුළුවන් වෙලාවක මේ චිත්තරපටිය බලන්න ඔයාලත් පොළඹෙවන්න.

“විවාහය ගැන පිරිමි ළමුන් ගැන වැඩි උනන්දුවක් නැති ඉයුජිනියාට ඇයගේ මව චාලට් මෙහෙම කියනවා.,
ආදරයයි වෛරයයි එකම එළුවගෙ අං දෙක වගේ..ඒත් ඉයුජිනියා ඔයාට ඕනෙ හොඳ එළුවෙක්.“

“Minny Jackson: Eat my shit. 
Hilly Holbrook: Excuse me! 
Minny Jackson: I said eat... my... shit. 
Hilly Holbrook: Have you lost your mind? 
Minny Jackson: No, ma'am but you is about to. 'Cause you just did“

මිනී: ඔයා දන්නවද ඇබී මම දවසක මිස් හිලීව මරලා දානවා..දන්නවද අළුත්ම සෙල්ලම
ඇබී: ඒපාර මොකද්ද?
මිනී: මිස් හිලී ටොයිලට් පේපර්වල පැන්සල් මාක් දානවා මම එයාලගෙ ටොයිලට් එක පාවිච්චි කරයි කියලා
ඇබී: මොකක්?
මිනී: ඒත් එයා දන්නෙ නෑ මම ගෙදරින් ටොයිලට් පේපර් රෝලක්ම ගෙනල්ලා පාවිච්චි කරන විත්තිය..
ඇබී: හිකස්“
http://technorati.com/entertainment/film/article/movie-review-the-help/


ඇබී: එදා රෑ සුදු මිනිස්සු 10 දෙනෙකුයි කළු මිනිස්සු 8 දෙනෙකුයි මැරුනා. ඒ සුළි  සුළඟ එවද්දි දෙවියන්ගෙ හිතේ සුදු කළු භේදයක් තිබ්බා කියලා මම හිතන්නෙ නෑ.

කැතරින් ස්කොට් විසින් රචිත The Help නවකතාව පාදක කරගෙන ටේට් ටේලර් විසින් අධ්‍යක්ෂණය කරන ලද The Help සිනමා පටය ඔබගේ බැලිය යුතු ගොන්නට එකතු කරගත යුතුම එකක්. 


ආශ්‍රිත: http://www.imdb.com/title/tt1454029/quotes
http://en.wikipedia.org/wiki/The_Help_(film)

ප/ලි: ෆිල්ම් එක ගැන කියා ගෙනත් දී කොම්පීටරේට කොපි කර බලන්න හොඳ එකක් යැයි කිහිප වරක් මතක් කල රූ මල්ලිට ගොඩක් පින්..ඔන්න ඔයා ගැනත් ලිව්වා හොඳද?

34 comments:

  1. රූ මල්ලි කෙනෙකුත් ඉන්නවද ? මරු නේ.
    මම නම් ඔය ෆිල්ම් එක බලලා නෑ. හොයාගෙනම බලන්නම්.
    ස්තුතියි මේ ගැන කිව්වට. :)

    ReplyDelete
    Replies
    1. එක මල්ලියෙක් නෙවේ මල්ලිලා දෙන්නෙක්ම ඉන්නවා..අනිවා ෆිල්ම් එක බලන්න මලේ හරිම ලස්සනයි..

      Delete
  2. චිත්‍ර පටියේ ටොරෙන්ට් ලින්ක් එකකුත් තිබ්බනං කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. සිරාවට අයියේ ඕං මාත් අත ඉස්සුවා....හෙව්වොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ හැබැයි

      Delete
    2. අනේ මට හොඳ කොපියක් හොයා ගන්න බැරිවුනානෙ..මම බලපු එක මල්ලි දීපු එකක්..ළඟදි ආව ෆිල්ම් එකක් නිසා දැනුත් සීඩර්ස්ලා ගොඩක් ඉන්න කොපියක් හොයන්න බැරිවෙන එකක් නෑ බුද්ධි..

      Delete
  3. බලන්න හොද ෆිල්ම් එකක් වගේ හොයාගෙන බලන්න ඕනේ.කවුද බොලේ මේ රූ මල්ලි.රූ අයියලා එහෙමත් ඉන්නවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. රූට ඉන්නෙ මල්ලිලා දෙන්නෙක්ම විතරයි..:)

      Delete
  4. චතුරි මින්දුලාJanuary 15, 2012 at 9:33 PM

    මටත් ආස හිතුනා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරි මේ පැත්තෙ ආවාට..

      Delete
  5. සිරාවට ලින්ක් එකක් තිබ්බනම් ෆට්ට...

    රැ කියන විදිහට කතාව සිරා ඇති..

    ReplyDelete
  6. ස්තුතියි රූ....

    ReplyDelete
    Replies
    1. හිනාවෙන්නේ ඔයා රූ මල්ලි වෙන්ටැති. හිනාව නිකං ඒ වගේ. :D:D:D

      Delete
    2. ච්ත්තරපටිය හොයාගෙන බලලා විස්තර කියන්නකෝ ප්‍රදීප්..

      @පොඩි කුමාරිහාමි
      ඔයා කොහොමද හරියටම හිනාව ගැන දන්නෙ..හික්ස්...
      අනේ නෑ රූගෙ මල්ලිලා තාම සිංහලෙන් බ්ලොග් ලියන්නෙ නෑ..මේ කිව්වෙ ඇත්තටම මගේ මල්ලි ගැන...

      Delete
  7. මිනිස්සු හිතන විදිය අනුව තමයි ඔය කවුරුත් වෙනස් වෙන්නේ කියලා තේරුම් ගන්නකල් ඔය දේ වෙනස් වෙන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ලහිරු..ඒත් අපි අපි වෙනස් වුනොත් අනිත් අය හිතන විදිහත් ටික ටික වෙනස් වේවි..

      Delete
  8. හොයාගෙන බලන්ට ඕනි. ලස්සන ෆිල්ම් එකක් වගේ. කතාව ගැන මතකක් තියනවා. ඒත් බලලම ඉමු.
    හැබෑට රූ අක්කාට, රූ මල්ලියෙකුත් ඉන්නවද? :D

    ReplyDelete
    Replies
    1. ම්..ඇත්තටම හරිම ලස්සන කතාවක් පොඩී..
      මධුරංග මල්ලිට කිව්වා වගේ මට හොඳම හොඳ මල්ලිලා දෙන්නෙක්ම ඉන්නවා..

      Delete
    2. @පොකු :
      රූ අක්කා ???
      රූ අක්කා නෙමේ !!! නංගි !!! නංගි !!!!

      Delete
    3. කවුද මේ ගෑනු ළමයින්ගෙ වයස ගැන උනන්දුවෙන ඇනෝ?

      Delete
    4. මම ඒක අක්කගේ, මල්ලි කියන අදහසින් පාවිච්චි කලා මිස, මගේ අක්කා කියන අදහසින් පාවිච්චි කලේ නෑ. අනෙක මම වයස නොදන්නා අයට කොහොමත් අක්කා හෝ නංගී කියන්නෙත් නෑ. අපි පුරුදු වෙලා තියන විදියට මෙහේ ගොඩක්ම වයසක උදවියට Mr.& Mrs. කියනවා ඇර අනික් හැම දෙනාම අමතන්නේ නමින්.

      කොහොම හරි මේ ඇනෝ අපි දෙන්නාගේම උප්පැන්න සහතික දැකපු කෙනෙක්. රූ කියන්නේ මගේ හිතවත්, මම ආසා කරන විදියට ලියන බ්ලොග් යෙහෙලියක්. ඇනෝ කෙනෙක් කියන්නේ අනේ මම දන්නේ නෑ....:D:D:D

      Delete
  9. හ්ම් අක්ක කියනවනම් ඉතිං නරක දෙයක් වෙන්න බැහැනේ... දැන්ම ඩවුන් කරගන්න ඕනේ.... තව ලස්සන කතාවක් තියෙනවා මට මතක් වෙච්චි....

    ReplyDelete
    Replies
    1. ඔන්න මම කොලර් එක උස්සගත්තා...

      Delete
  10. මම මේ ෆිල්ම් එක ගැන පත්තරේ දැක්කා. ඩවුන් කරන්න විදිහක් නෑ නෙ. :((

    ReplyDelete
    Replies
    1. අර මොකෝ ඒ? ඩේටා ලිමිට් එක පැනලද? මේ දවස්වල බිසිද?

      Delete
  11. වෙලාවක් හම්බුනොත් බලන්න ට්‍රයි එකක් දෙන්නම් ඔයාගේ රෙකමොදෝරුව නිසාම :)

    ReplyDelete
    Replies
    1. අනිවා ට්‍රයි කරන්න..මමනෙ කියන්නෙ..හික්ස්..

      Delete
  12. මම නොබලපු ෆිල්ම් එකක් මේක.. හොද කොපියක් හම්බුනොත් අරන් බලනවා..

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන චිත්‍රපටියක් මලේ..ඒක බලලා සුවර් ඔයාට ලස්සන කතාවක් ලියන්න පුළුවන් වෙයි..

      Delete
  13. ඈ.. රූ අක්කේ... මන් දවසට ‍ෆිල්ම් කනවා.. එත් මේක දැක්කෙ නැනේ,, අනිවා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔයාට හොඳම ෆිල්ම් එකක් තමා මගෑරිලා තියෙන්නේ..බලලම හොඳ නරක කියන්නකෝ..

      Delete
  14. බලන්න ඕනා .. කතාව සංවේදී වගේ,,

    ReplyDelete
    Replies
    1. මට නම් අන්තිමට ඇඬුනා..බලලා කියන්නකෝ..

      Delete
  15. හොයාගෙන බලන්නම ඕන... විවේකයක් එන්නෙ තව සතියකින්.... :D

    ReplyDelete